(මුදිතා දයානන්ද)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දුන් සාක්ෂි සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ බලය හා අධිකාරීත්වය නොසළකා හැර ඇති අතර එය හෑල්ලුවට ලක් වෙන බව නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට අද (22) දැනුම් දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු වන සමීර ද සිල්වා මහතා විසින් එම නිවේදනය නිකුත් කරනු ලැබ තිබිණ. එය හිටපු ජනාධිපතිවරයාගේ මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කොමිසම දැනුවත් කරමින් පැවසුවාය.
එය මේ වන විටත් විශාල ජනතාවක් අතරට ගොස් ඇති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එය ඉවත් කරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට නියෝග කරන ලෙස ද කොමිසමෙන් ඉල්ලා සිටියාය. හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ ලබාදී තිබෙන්නේ බොරු සාක්ෂි බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබිණි.
එයින් තම සේවාදායකයා අගතියට පත්වන අතර කොමිසම හෑල්ලු කර ඇති බවද ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ දිල්ශාන් ජයසුරිය මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් කරුණු දැක්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම අද කොමිසම හමුවේ පෙනී සිටියේය.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ඔහුගේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ මෙම නිවේදනයෙන් කොමිසම හෝ කිසියම් සාක්ෂිකරුවකු හෝ හෑල්ලුවට ලක් කිරිමට තම සේවාදායකයා වූ මෛත්‍රීපාල මහතාට අවශ්‍ය නොවු බවයි.
හේමසිරි මහතාගේ සාක්ෂිය මාධ්‍ය මගින් ප්‍රචාරය වු ආකාරය තුළින් තම සේවාදායකයා පාස්කු ප්‍රහාරයේ සියලු වගකීම භාරගත යුතු බවට සමාජයේ අදහසක් ඇති වන බවද ඒ අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු අගරදගුරුතුමන් වෙනුවෙන් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවද තම සේවාදායකයා වෙනුවෙන් වන මාධ්‍ය නිවේදනය ගැන කතා කරන අය ඒ ගැන කතා නොකර සිටීන්නේ ඇයිදැයි නීතිඥ ගුණරත්න මහතා විමසුවේය.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මෛත්‍රීගේ නිවේදනයෙන් කොමිසමේ බලය හෑල්ලු වෙලා
Prasad Wednesday, 23 September 2020 03:02 AM
සාක්කි දෙන්න එන්න බැහැ. ගෙදරට ගිහින් ලියාගන්න ඕනෑ. සාක්කිකරුවෝ බය කරන්න කොමිසමට එන්න පුළුවන්..
Prasad Wednesday, 23 September 2020 03:02 AM
සාක්කි දෙන්න එන්න බැහැ. ගෙදරට ගිහින් ලියාගන්න ඕනෑ. සාක්කිකරුවෝ බය කරන්න කොමිසමට එන්න පුළුවන්.
fairoos Wednesday, 23 September 2020 07:03 AM
මෙහෙමත් ජනාධිපති කෙනෙක් හිටියානේ අපිට. හැමදාම කළේ විහිළු සපයන එක විතරයි.