(ඉන්දිකා රාමනායක)
පා සම්භාහන උපකරණයක් තුළ සඟවා බෙල්ජියමේ සිට මෙරටට එවා තිබූ රුපියල් එක්කෝටි හතලිස්අට ලක්ෂයකට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමඟ 25 හැවිරිදි තරුණයකු අද (10) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු නිලධාරීන් විසින් අත්ඩංගුවට ගත් බව රේගුව පවසයි.
මෙම පාර්සලයේ මත්පෙති 2952 ක ප‍්‍රමාණයක් තිබූ බව රේගු වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක රේගු අධිකාරි ලාල් වීරකෝන් මහතා පැවසීය.
ගත වූ සතිය තුළ බෙල්ජියමෙන් මත්පෙති අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය විය.
බෙල්ජියමේ සිට එවා තිබූ මෙම පාර්සලය රැගෙන යාම සඳහා සැකකරු අද තැපැල් හුවමාරුව වෙත පැමිණි එහි තැපැල් ස්ථානාධිපතිවරයා හමුවී ඇත.
බෙල්ජියමේ සිට එවා තිබූ මෙම පා සම්භාහන යන්ත‍්‍රය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත රේගු නිලධාරීන් පාර්සල් හිමිකරු හා තැපැල් ස්ථානාධිපතිවරයා ඉදිරියේ මෙම පා සම්භාහන යන්ත‍්‍රය පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගත් බව ලාල් වීරකෝන් මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද? මේ අල්ලන්නේ සියයට 1යි. අනිත් 99ම එළියට යන්නේ රේගු නිලධාරීන්ගේ සෙටින්ග් මත.