(බිඟුන් මේනක ගමගේ)
මහජන නියෝජිතයන්ට මත්පැන්හල් බලපත් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබියදී මතින් තොර රටක් සංකල්පය ක්‍රියාවට නගන්නේ කෙසේදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන්නේ යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
මතින් තොර රටක් ගැන කතා කිරීමට අවශ්‍ය නම් පළමුව පාලකයන් ද සිය දුවා දරුවන් ද අරක්කු කර්මාන්තයෙන් ඈත්වන බවට ජනතා දිවුරුමක් දිය යුතු යැයි යෝජනා කළ හෙතෙම එසේ නොකොට ප්‍රතිපත්ති පමණක් සම්පාදනය සදාචාරවිරෝධී යැයි චෝදනා කළේය.
2019 අයවැය සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමින් මේ අදහස් පළ කළ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙසේ ද කීය.
“මත්පැන් දුම්වැටි සඳහා නව බදු පැනවීමක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එය මත්පැන් දුම්වැටි භාවිතය අධෛර්යමත් කිරීමේ අරමුණෙන් කළ යෝජනාවක් විය හැකියි. එහෙත් දේශපාලකයන් මත්පැන් අලෙවි බලපත් දැරීම ගැන මේ රටේ කාලයක් තිස්සේ විශාල සාකච්ඡාවක් තිබෙනවා. ඔවුනොවුන් ද එය විවේචනය කරගන්නවා. එයට පක්ෂ භේදයක් නෑ. එහෙම නම් මෙතැන ආර්ථික විද්‍යාත්මක ප්‍රශ්නයකට එහා ගිය ආචාර විද්‍යාත්මක ප්‍රශ්නයක් ඇති බව පැහැදිලියි.”
“මතින් තොර රටක් ගැන කතා කිරීමට පාලකයන්ට අවශ්‍ය නම් පළමුව ඔවුන් ඔවුන්ගේ ද ඔවුන්ගේ දුවා දරුවන්ගේ ද නමින් පාලනය වන හා හරිහම්බ කරන අරක්කු කර්මාන්තයෙන් ඈත්වන බවට ජනතා දිවුරුමක් දිය යුතුය. කෙටියෙන් කිවහොත් මැති ඇමැතිවරුන් සතුව පවතින මත්පැන් බලපත් අහෝසි කළ යුතුයි. දේශපාලකයන් පළමුව ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට පිළිවෙතට පැමිණිය යුතුයි. ”
2025 දෙසැම්බර් මස 04
628
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
'මතින් තොර රටකට දේශපාලන කැපවීමක් ඕනෑ'
Bamunuarachchi Saturday, 20 April 2019 04:44 PM
ලෝකයේ මත්පැන් නැති රටක් තිබෙනවාද?