(ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී. කපිල)
හයිබ්‍රිඩ් කුෂ් නමින් හඳුන්වන ගංජා ග්‍රෑම් 400 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් මල්ලක සඟවාගෙන පැමිණි ඉරාන ජාතික කාන්තාවක් (24) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
එහි වටිනාකම ලක්ෂ 16 පමණ වන බව පොලීසිය කියයි. කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන් ඇය පැමිණ ඇත්තේ ඉරානය සිට දෝහා හරහා බව පොලීසිය පවසයි.
කටුනායක ගුවන්තොටුපලේ බැංකු ලොබිය අසල රාජකාරි නියුතුව සිටි මත්ද්‍රව්‍ය කාර්යංශ නිළධාරින් විසින් ඇය අත්අඩංගුවට ගෙන ගමන් මළු පරික්ෂා කිරීමේදී එහි ව්‍යාජ පතුලක ගංජා පැකට් සඟවා තිබී හමුවිය.
මෙවැති මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රථම වරට අත්අඩංගුවට ගන්නා ලද්දක් බව පොලීසිය කියයි.
ඇය මීගමුව අධිකරණයට ඉදිරිපත් කර ලබා ගන්නා රැඳවුම් නියෝග මත රඳවාවා ගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ මූලස්ථායට ඉදිරිපත් කරනු ලබන බව පොලීසිය පවසයි.
එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්නදූව සහ ඉමදුව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් සොහ
ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හ
චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්
ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති
ඇතුන් තිදෙනෙකු ඇතුළු වන අලින් 13 කගේ රංචුවක් සීගිරිය පොතාන ප්‍රදේශයේ වගා බිම් විනාශ කරමින් නිවෙස් ආසන්නයටද පැමිණ ජන ජීවිතයට තර්ජනයක්ව ඇතැයි ගැමියෝ කි
පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරී
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ ඉරාන කතක් අත්අඩංගුවට
sandy123 Thursday, 31 January 2019 06:23 AM
හැමදාම එක නිව්ස් එකක් හරි තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව. අපේ රට නොම්මර එකේ මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙලා. නීතිය හරියට ක්‍රියාත්මක කර මරණ දඬුවම ක්‍රියාත්මක කරලා දෙතුන් දෙනෙක්ව එල්ලුවා නම් මෙය සෑහෙන දුරකට පාලනය කල හැකියි. කොහේද අපේ ඉහළ බලවත් උන්නැහැලාගේ කයිවාරු විතරයි. වැඩ පුස්.
smn Thursday, 31 January 2019 09:32 AM
මේ අය මොන මොන බලපෑම්වලට ලක්වෙලා මේව කරනවද කියල අපිට කියන්න බැහැ. ඒව හොයාගන්න ක්‍රමයක් අවශ්‍යයි.
Ananda Thursday, 31 January 2019 12:02 PM
මේගොල්ලෝ තමයි කුඩුවලින් ලෝකේ අනිත් අයව විනාස කරන්නේ .
sady123 Thursday, 31 January 2019 12:15 PM
හැමදාම එක ප්‍රවෘත්තියක් හරි තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව. අපේ රට නොම්මර එකේ මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙලා. නීතිය හරියට ක්‍රියාත්මක කර මරණ දඩුවම ක්‍රියාත්මක කරලා දෙතුන් දෙනෙක්ව එල්ලුවනම් මෙය සෑහෙන දුරකට පාලනය කල හැකියි. කොහේද අපේ ඉහල බලවත් අයගේ කතාව විතරයි.