(සුදත් එච්. එම්. හේවා)
 
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් දෙදෙනකු නල්ලතන්නිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ රාත්‍රියේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පිරිස පරීක්ෂා කිරීමේදි මත්ද්‍රව්‍ය රැගෙන ආ මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත්ය.
 
දෙහිවල සිට පැමිනි අවුරුදු 27ක් පමන වයැසැති පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 92ක් සමගද ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිනි අවුරුදු 28ක් වයසැති පුද්ගලයකු අයිස් නැමැති මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා පැවසීය.
 
මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.