(නාලක සංජීව දහනායක)
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය, නිරාවරණය සහ මර්දනය සඳහා කැපවන බවට ජාතියම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අප්‍රේල් මස (03) වැනිදා කොළඹ, නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතය.
එයට සමගාමීව සියලු පාසල්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල ප‍්‍රධානීන් හා කාර්ය මණ්ඩල තම තමන්ගේ ආයතනවල සිට මෙම දිවුරුමට එක්වීමට නියමිතය.
මේ වනවිට දරුණු වසංගතයක් බවට පත්ව ඇති නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පොලීසිය ඇතුළු අනෙකුත් ආරක්‍ෂක අංශ මඟින් සිදුකරන අත්අඩංගුවට ගැනීම්වලින් පමණක් පාලනය කළ නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වාම පුළුල් වෙනසක් කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
සෑම රාජ්‍ය ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක පිහිටුවන ලෙස රජය මීට පෙර ලබාදුන් උපදෙස් තවදුරටත් ක‍්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා ආයතන ප‍්‍රධානීන්ට දැනුම්දී ඇත.
මතින් නිදහස් රටක් සඳහා වූ බක්මහ දිවුරුම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රවල නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද (29) කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ පැවැති හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යංශ ලේකම්වරු, විශ්ව විද්‍යාල උපකුලපතිවරු, මාධ්‍ය ආයතන නියෝජිතවරු ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
COMMENTS
ග්‍රාමීය වශයෙනුත් "මත්ද්‍රව්‍ය නිවාරණ සමිති සමාගම්" පිහිටුවිය යුතුයි.. ගමේ මිනිස්සු තමයි දන්නේ කවුද කුඩු, හෙරොයින්... පාවිච්චි කරන්නේ කියලා.. අන්න එයාලගේ පස්සෙන් ගියානම්.. කුඩු විකුණන අය.. හොයාගන්න පුළුවන්.. කුඩු, හෙරොයින් විකුණන අයගේ පස්සෙන් ගියානම්.. කුඩු, හෙරොයින් ගෙන්වන අයවත් අල්ලාගන්න පුළුවන්... ! ලංකාවට හෙරොයින් අරගෙන එන .. විදේශිකයන් වගේම..., හෙරොයින් මිලදීගැනීමට ලංකාවට පැමිණෙන විදේශිකයන් ගැනද විශේෂයෙන් උනන්දු වියයුතුයි.
නීති විරෝධී දෙයක් මර්දනය කරන්නට දිව්රන්ටත් ඕනෙද?
මත්ද්‍රව්‍ය නිවාරණය කළ හැක්කේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කිරීමෙන් පමණයි. ඔය සමිති සමාගම්වලින් වෙන්නේ දැනටත් වැඩ නොකරන රාජ්‍ය සේවකයෝ ටික බොරුවැඩක් දාගෙන මුදල් නාස්ති කිරීම පමණයි.
පොලිස් විශේෂ බලකාය ගෙදරක් වටලලා මත්කුඩු ගැන සොයන්න ගියහම හෙලිකොප්ටරයෙන් එතෙන්ට ගිහින් ගෙදර අයිතිකාරයාව බේරාගත්ත උත්තමයත් ඔය දිවුරුම් දීමට සහභාගී වෙනවද? දැන් දෙන්නම ගජ මිතුරෝ වෙලා බවනේ පෙනෙන්නේ... ඒකයි ඇහුවේ...
ඔය දිවුරුම දියවන්නාවේ උන්දැලාට අනිවාර්ය කළා නම් ඉතාමත් හොඳය.
03 වෙනිදත් බාර් ළඟ උතුරන්නම සෙනඟ...
අප්‍රේල් 1යි කරන්න තියෙන්නේ.
ලංකාවට මත්ද්‍රව්‍ය හුරුකලේ සාටක පව්ලයි.. දුමින්දගේ මත්ද්‍රව්‍ය ඇද්දේ රජයේ ඩිපෙන්ඩර් වාහනවලින් කියලා උසාවියේදී කියවුනේ... එහෙම කරන්න ඉඩ දුන්න මොවුන්ට අායිමත් රට කරන්න භාරදෙන්න කියා ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.
නියමයි... ඊටපස්සේ පිලිපීනය දුරාතී කළා වගේ ගහලා දාන එකයි තියෙන්නේ හතර වටේටම...
දැනුයි තේරෙන්නේ මච්චර කල් කුඩු කාරයෝ නිදැල්ලේ ඉඳල තියෙන්නේ මේ දියුරුම් දුන්නේ නැති නිසානේ.නායකතුමාගේ මොලේ තමයි මොලේ.
මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න දිව්රුම්දීම විහිළුවක්. මෙය නීති විරෝධී දෙයක් නැතිකිරීමට නොහැකියාව පෙන්නන්නකි. බලය ලබා දී අවුරුදු 4 ක් ගිහින් තමයි මතක් උනේ. හොඳ ඡන්ද තුරුම්පුවක් තමයි ඕක. ලගදිම ඡන්දයකුත් එනවානේ. ඇත්තටම අවංකව මද කටයුතු කරන්නේ කියන එක ප්‍රශ්නයක්.
ඉස්සර හිටපු ජනාධිපතිවරු බොහෝවිට ඉටු කරන්න බැරි බොරු පොරොන්දු දුන්නේ අවුරුදු 6 කට වරක්, නමුත් මෙතුමා සතියකට වරක් ඉටු කළ නොහැකි පොරොන්දුවක් හෝ ආන්දෝලනාත්මක කතාවක් කියනවා. එතුමා හිතං ඉන්නේ රටවැසියන්ගෙන් බහුතරයක් මන්ද බුද්ධිකයෝ කියලා, පුළුවන් නම් ඉල්ලන්නකෝ ලබන ඡන්දෙදි අත ලකුණෙන්, එහෙම කළොත් ඔබතුමාට සිදුවෙන්නේ අත පස්සේ ගසාගෙන ඉන්න.
ඇයි එල්ලුම් ගහට අත්සන් නොකරන්නේ? එ්කත් ඔය නැකතටම කරමුකෝ.. රටම ඡන්දෙ දෙනවනේ..!!! එයත් අවුරුදු 4 ක්..