(තිළිණි ද සිල්වා)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා කිරීමේ අංගණයක වී ගබඩා කිරීමට තමා කිසිදු උපදෙසක් නොදුන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (23) කියා සිටියේය.
වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කර තිබේ.
2015 වසරේ අතිවිශාල වී අතිරික්තයක් පැවති බවත් ඒ අනුව වී මිල ස්ථාවරව පවත්වා ගෙන යෑමත් එම වී අතිරික්තය ඉදිරි කාලයේ ප‍්‍රයෝජනයට ගැනීම නිසි ලෙස ගබඩා කරවීමට අවශ්‍ය පිළියම් යෙදීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් කමිටුවක් පත් කළ බවත් එම කමිටුව විසින් ඉහත කී සියලු කර්ත්‍යවයන් සොයා බැලූ බවද අග‍්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ සාක්කි දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමේන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දෙමින් අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ මේ බව සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍යවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටි දෙවැනි අවස්ථාවද මෙය වේ.
අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරු 10.30 සිට මධ්‍යහන 12.15 දක්වා පැයකුත් විනාඩි 45 ක් කාලයක් කොමිසම හමුවේ සාක්කි දුන්නේය.
එහිදී කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මෙම ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් එහි කීර්තිනාමයට හානියක් සිදුවූවා නේදැයි අග‍්‍රාත්‍යවරයා ගෙන් විමසූ විට ඊට පිළිතුරු දුන් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ එම ගුවන්තොටුපළට ඇති කිර්තියක් නොමැති බවත් ලෝකය හිස්ම ගුවන්තොටුපළ ලෙස එය හැඳින්වෙන බවත්ය.
හම්බන්තොට දිස්ත‍්‍රික්ක පුරා ගබඩා මධ්‍යස්ථාන 16ක මෙටි‍්‍රක් ටොන් 8100 ක හිස් ගබඩා කිරීමේ පහසුකම් තිබියදී වී මෙටි‍්‍රක් ටොන් 4000ක් මත්තල ගුවන්තොටුපළේ ගබඩා කිරීම රජයේ දේපළ අවභාවිත කිරීමක් නේදැයි කොමිසමේ සභාපතිවරයා ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ගැන තමන් කරුණු කිසිවක් නොදන්නා බවත් ඒ ගැන වී අලෙවි මණ්ඩලයෙන් විමසීම් කළ යුතු බවත්ය.
මත්තල ගුවන්තොටුපළ යනු මහජන සුබ සාධන ව්‍යාපෘතියකට වඩා මහජන මුදල් අනිසි ලෙස භාවිත වූ ව්‍යාපෘතියක් බවත් එහි මෙහෙයුම් කර ගෙන යාමට තවමත් කිසිදු අයෝජකයෙකු කැමැත්ත පළ කර නැතැයි අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා සිදු කළ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් හමුවේ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ගේ ප‍්‍රශ්න වලට තවදුරටත් පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඇමෙරිකා ඩොලර් මිලියන 209 ක වියදමින් ඉදිකළ මත්තල ගුවන්තොටුපළ වෙනුවෙන් රජය ණය ගෙවීම් ලෙස රුපියල් බිලියන 2.95ක මුදලක් හා එහි වාර්ෂික මෙහෙයුම් සඳහා ලෙස රුපියල් බිලියන 2.23 ක් වැය වන බව 2015 වසරේ විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බවත් මෙය ඉදි නොකළේ නම් කටුනායක ගුවන්තොටුපළ මීටත් වඩා හොඳින් සංවර්ධනය කළ හැකිව තිබුණු බවත්ය.
මත්තල ගුවන්තොටේ වී ගබඩා කිරීමේ සිද්ධිය රේඛීය අමාත්‍යාංශ දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් බවත් එසේ නොමැතිව මෙහි මෙහෙයුම් වැළැක්වීමට තමා හෝ රජය කිසිම අවස්ථාවක කටයුතු නොකළ බවද එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ආණ්ඩුවේ වෙන එ්වා... මෙයා දන්නේ නෑ බබා..
මත්තල හෝ ඕනෑම රජයේ ඉඩ පහසුකම් ඇති ස්ථානයක් ඕනෑම ප්‍රයෝජනවත් කාරණයක් සඳහා භාවිතයට ගැනීමට රජයට අයිතියක් තියෙනවා. එය ප්‍රශ්න කිරීමට කිසිම කෙනෙකුට බැහැ. ඒ සඳහා බලය ලබාදී ඇත්තේ මහනතාව විසිනුයි. රජය විසින් භාවිතයට ගෙන යම් ලාභයක් ඉපැයූවේ නම්, එය අවභාවිතාවක් ලෙස වරදවා අර්ථකථනය කිරීමත් ව්‍යවස්ථානූකූලව යමෙක් කරන බරපතල වැරැද්දක්. අද වෙනතුරු මත්තල ඔය කියන ගබඩා කුමන කරුණක් සඳහා පාවිච්චි කරන්නේද? එයින් උපයන ලද ලාභය කොපමණද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් නිසි පිළිතුරු ලබාදී ඇති බවද පෙනෙනවා. මේවා මෝඩයින්ගේ වැඩ මිසක් උගතුන් අනුමත් කරන දේවල් නෙමේ.
ෂුවර් එකටම රාජපක්ෂලා තමයි ඕකේ වී ගබඩා කරන්න කියලා උපදෙස් දෙන්න ඇත්තේ...
මේකේ තියෙන කරුණු ටිකම ඇති මේ ආණ්ඩුවට නැවත ඡන්දයක් නොදෙන්න. 1. මොවුන් බලයට එන විට රටේ වී අතිරික්තයක් තිබූ බව. ඊටපසු අවුරුද්දේ රටින් හාල් ගෙනාවා. 2. පාස්කු ප්‍රහාරය වෙලාවේ වගේම මේ සිද්ධියේදීත් අගමැති විදිහට වගකීමක් නොගැනීම 3. රටේ සම්පත් වලින් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිව රාජ්‍ය සම්පත් විකුණූ බව තවත් කරුණු අවශ්‍ය නැහැ.. මේ ටිකම ඇති
සමන්ත මහත්තයාගේ අදහස ඉතාමත් වටිනවා. මම හොඳින්ම දන්නවා ඔය ගබඩාවෙන් (Cargo Terminal) මේ වෙන තෙක් කිසිම ආදායමක් අරගෙන නෑ. ඒ වගේම කිලෝවක් තරම්වත් දෙයක් ඔයින් ගුවන් ගතකරලා නෑ. මේක තමයි ඇත්ත...
දැන් එතකොට යාපනේ ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කෙරුවා. දෙන් දවසට ගුවන්යානා දෙතුන් සීයක් එනවද? හදිසියේ හරි කාලගුණ වෙනසක් වුණොත් කටුනායකට එන ගුවන් යානා යවන්නට වෙන්නේ යාපනේටද, මත්තලටද? මෙතන තියෙන්නේ දේශපාලන කුහකකමක් මිස වෙන කුමක්ද?
හා මේ ගොයියාම නේද? පළමුවේම කීවේ අපි මත්තල ගුවන් තොටුපොල වී ගබඩාවක් කරනවා කියලා. අපි ඊයේ පෙරේදා ඉපදුණු මිනිස්සු නොවෙයි. එ්ක මතක තියාගන්න.
මහින්ද පැරදුනේ නැත්නම් මත්තල ලෝකය පුරායන දෙස් විදෙස් ගුවන් මගීන්ගේ හුවමාරු තොටුපලක් කරලා මෙලහකටත් අති විශාල අාදායමක් හොයලා. මේ ආණ්ඩුව ඒ සඳහා ඇනවුම් කරපු ගුවන් යානාත් නතර කරලා, ගුවන් තොටුපල වී ගබඩාවක් කොට කීර්ති නාමයටත් හානි කළා.
මත්තලට ගුවන්යානා එන්නේ නැතිනම් වී ගබඩා කිරීමෙන් හානියක් වෙනවද? මත්තල වගේ නොවේ යාපනයේ ගුවන් තොටුපොලෙන් යානයක් පිටත් වෙන්න කලින් අලි, මොනරු එලවන්න ඕනේ නැහැනේ. ඒ ගුවන් තොටුපොල නිසා ඒ පැත්තේ වෙසන ජනයාට ජාත්‍යන්තර ගුවන් ගමන්වලටත් පහසු වෙනවා. අනෙක යාපනයේ ගුවන්තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශයේ මත්තලට වඩා වැඩි ජනගහනයක් වාසය කරනවා.
එහෙමනම් ඇයි පසුගිය අවුරුදු තුන හතරේම අගමැති වෙලා ඉඳන් ඒ ගැන පරීක්ෂණයක් නොපැවැත්තුවේ? මේ වගේ කෙනෙකුට රට බාරදෙන මෝඩයන් කවුද? ඔයිට වැඩිය හොඳයි පඹයෙකුට අගමැතිකම දුන්නා නම්...
මෙයාට දුමින්දගේ ලෙඩේ බෝ වෙලාද කොහෙද..? අපි මැරිලා ඉපදිලා ඉන්නවා කියලා හිතන් මේවා කියනවද? කවුරු හරි ඒ දවස් වල උඩ පැන පැන මේ මොඩයා කියපු කතාවේ වීඩියෝ එකක් හොයලා පෙන්වන්නකෝ.. මතක් වෙන්නත් එක්ක.. රටක වගකිවයුතු අගමැතියෙක් නේද මේ? මොලයක් තියෙනවානම් ආයෙමත් ඡන්දයක් දෙයිද?
වී ගබඩාකලේ ගුවන් තොටුපලේ පැමිණීමේ හෝ පිට වීමේ පර්යන්තයේ, නොවේ නේ ? හිස් වෙලා ප්‍රයෝජනයකට නොගන්න රජයට අයිති ගොඩනැගිල්ලක වී තාවකාලිකව ගබඩා කරගත්තම මොකද ඇති ප්‍රශ්නය ? ඔය වී ගබඩා කරන්න පුද්ගලික අංශයේ ගබඩාවක් කුලියට අරන් කොමිස් කුට්ටියක් කඩා ගත්ත නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද ? ඔය වැඩේ සිදුවෙනකොට රටේ සිටි විධායක ජනපතිට තිබුනනේ හොඳ නැතිනම් තමන්ගේ විධායක බලතල භාවිත කරලා ඕක නවත්වන්න ? දැන් බොරුවට කොමිසම් හදල මහජන මුදල් නාස්ති කරනවා.
මෙහම තමයි මෙයා එදා සබීතාගේ ගොඩනැගිල්ල කුෂිකර්ම අමාත්‍යංශයට බදු දීම පිළිබඳවත් කිව්වේ. දැන් මෙයා මේ විනාශය අර කමිටුවේ ගිණුමට පටවනවා. අවසානයේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෝ හිරේ යන්න වෙනවා.
මේ අයගේ කමෙන්ට් බලපුවාම මේ සේරම රජාගේ පවුල්වලට කඩේ යනවා විතරයි.., ඇත්ත තේරෙන්නේ නෑ. අපිට විකල්ප ගුවන් තොටුපලක් ඕනේ. ඒකට හොඳම ස්ථානය ලෙස නිලධාරින් හඳුනා ගෙන තිබුණේ හිඟුරක්ගොඩ දැං තියෙන ගුවන් තොටුපල දියුණු කරන එක. නමුත් දේශපාලන ඇඟිලි ගැහීම් නිසා තැන් තැන්වලට ගෙනියන්න එක එක රජයන් උත්සාහ කළා. අන්තිමට කාටවත් වැඩක් නැති මත්තල ඒක හැදුවා. විකල්ප ගුවන් තොටුපලක් අවම අවශ්‍යතාවයෙන් හදන්න ඕනේ වුණත් ගොඩක් වියදම් කරලා අනවශ්‍ය විදිහට හැදුවේ රාජපක්ෂලාට ඕනේ නිසා... විකල්ප කියන්නේ කටුනායක ප්‍රශ්නයක් වුණාම හදිසි ගුවන් යානයක් ගොඩබෑමට අවශ්‍ය තැනක්... මේක හිඟුරක්ගොඩ හැදුවා නම් අද පලාලි හදන්න ඕනේ නෑ...
එතකොට මෙයා අගමැති නොවේද?
2015 පස්සේ ජනාධිපති හෝ අගමැති රටේ වෙන වැදගත් දේවල් වලට දෙන උත්තරය මම දන්නේ නැහැ, කිව්වේ නැහැ, දැක්කේ නැහැ වැනි උත්තරයි. සජිත්ගේ පස්සේ ගියාම නැවත මේ මිනිස්සුන්ට බලය ලැබෙනවා. නැවත මේවගේ දේවල් අහ අහා ඉන්න වෙයි. රටට ජනතාවට වෙන සුගතියක් නැහැ. පහුගිය වසර දහයට අපි යුද්ධය නොමැති රටක් ඇසින් දුටුවා. කාපට් කරපු පුළුල් මාර්ග දැක්කා. අධිවේගී මාර්ග වල නැවුම් අත්දැකීම් ලැබුවා. යල් පැනගිය දුම්රිය අතරට නව දුම්රියක යන්න වාසනාව ලැබුවා. අලුත් වරායන්, ගුවන්තොටුපළක නව වාරිකර්මාන්ත ඇසින් දුටුවා. අලුත් විදුලි බලාගාර දකින්න ලැබුනා. ගත්ත ණය වලට හරියන්න මෙයාලා ඇවිල්ලා කරපු දෙයක් කියන්න.