IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්

(තිළිණි ද සිල්වා)
 
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට  ඉදිරියේ දී   වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.
 
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේදී ද මත්තල ගුවන්තොටුපළ විශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත්,  ඊයේ(16) වන විට  ගුවන් ගමන්වාර 198 කින් මගීන් 8200 ක් මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවන අතර ඉන් 20% පමණ මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත දිස්ත්‍රික්ක වන ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව පදිංචිකරුවන් බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දේ.
 
මෙම යෝජනාව සදහා කැබිනට් අනුමැතිය හිමි වු බවත් ඒ අනුව අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
 
කොවිඩ්-19 හේතුවෙන් මේ වන විට ගුවන්තොටුපළ වසා තිබුණ ද නැවත ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග රැකියා සදහා විදෙස්ගත වීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමට සඳහා කාලයක් ගත විය හැකි වුවද එලෙස විදෙස්ගත වන ශ්‍රමිකයන් සංඛ්‍යාව යථා තත්ත්වයට පත්වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site