(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මත්තේගොඩ කිරිගම් පමුණුව ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණි බවට හඳුනාගෙන ඇති යතුරු පැදිය මිහින්තලේ පොලිස් වසමට අයත් එකක් බවත් එහි චැසි අංකය ව්‍යාජ ලෙස සකසා ඇති බවත් මත්තේගොඩ පොලිසිය පවසයි.
වෑන් රථය කොල්ලකෑමෙන් අනතුරුව ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ වෑන් රථයේ ගමන් මග හඳුනාගෙන ඒ බව අගුරුවාතොට පොලිසියට දන්වා එහි නිලධාරීන් දෙදෙනෙකු වෑන් රථය ලුහු බදිද්දී යතුරු පැදිය අගුරුවාතොට ප්‍රදේශයේ ඇළකට දමා කොල්ලකරුවන් පලා යද්දී පොලිසිය විසින් යතුරු පැදිය සොයා ගත් බව පොලිසිය පවසයි.
මත්තේගොඩ පොලිසිය යතුරු පැදිය පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව යතුරු පැදියේ අනන්‍යතාවය තහවුරු කර ගත් බව පොලිසිය පැවැසීය.
යතුරු පැදියේ චැසි අංකය හා එන්ජින් අංකය ව්‍යාජ ලෙස සකසා තිබූ බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙම යතුරු පැදිය මිහින්තලේ කන්නට්ටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවත් යතුරු පැදියේ නීත්‍යානුකූල අංක තහඩුව හිමිකරු ළඟ තිබී සොයාගත ඇති බවත් යතුරු පැදියේ ප්‍රදර්ශනය කර ඇති අංක තහඩුව ව්‍යාජ එකක් බවත් පොලිසිය පැවැසීය.
යතුරු පැදිය හෙට (02) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්තේගොඩ වෑන් රථ කොල්ලයේ කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය සොයාගනී