(මනෝජ් හර්ෂික)
බන්ධනාගාරයේ සිට මත්කුඩු විකිණීමෙහි නිරත වන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට එරෙහිව පවතින චෝදනා, නීතියේ ආධිපත්‍යයට යටත්ව නිවැරදි අධිකරණය ක්‍රමවේදයක් තුළ සාක්ෂි සහිතව ඔප්පු වුවහොත්, ඔවුන් එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් තමා නොදකින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(11) පැවසීය.
‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කෑස්බෑව, කහපොල, ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අද (11) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම පිරිසට මරණ දඬුවම දීමට විරුද්ධව කතාකරන පිරිසගෙන්, ජීවිත සහමුලින් විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලක්ෂ 44ක පමණ වන පාසල් සිසු පරපුර රැකගන්නේ කෙසේදැයි තමන් ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා පැවසීය.
පාස්කු ඉරිදා දින අලුත්ම මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සහ එයට සහයෝගය ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව මරණීය දණ්ඩනය ලබා දීමට ද මෙම කණ්ඩායම විරුද්ධ බව ද අමාත්‍යවරයා පැවසීය.
රට කෑලිවලට බෙදීමට කටයුතු කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම ක්‍රියාත්මක කරනවිට, එදා පැවැති රජය ත්‍රස්තවාදීන් විනාශ නොකරන ලෙස ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන්නාද කියා තමන් ප්‍රශ්න කරන බවත්, එසේ උපදෙස් ලබා දුන්නා නම් අදටත් එම ත්‍රස්තවාදය රටේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාගේ අදහස් වලට ගරු කරමි. මෙතන තියන තර්කය නම් මහා පරිමාණ වශයෙන් තරුණ පරපුර විනාශයට යැවීමට ඉඩ දෙනවාද? නැත්නම් ජනතාව එයින් බේරාගැනීමට කටයුතු කරනවාද යන්නයි.
වෙලේ සුදා වැනි මහාපරිමාණ කුඩු ජාවාරම් කාරයෝ එල්ලනවට විරුද්ධ කවුද ? ඔන්න ඔය විදිහට කෙලින් කතා කරනවානම් කිසි ප්‍රශ්නයක් නැහැ , උසාවියකින් දෙන තීන්දුවක් ක්‍රියාත්මක කරන එක වරදක් නැහැ .
මොකද පැටලුණාද? විකුණන අයට නොව දඩුවම් කල යුත්තේ මහාපරිමානෙන් මත්කුඩු මෙරටට ගෙන්වන මුදාලලින්ට.
එස් එල් එෆ් පී එකේ සාමාජිකත්වය ගත්තොත් නරකද? මිනිස්සු ගොනාට අන්දන්නෙ නැතුව.
ඇයි දෙයියනේ එතකොට ඕවා ගේන එවුන්ව හුරතල් කර කර හිටියොත් හරිද? ඕවා රට තුල බෙදන්නේ ගෙන්වන නිසානේ. එහෙව් එකේ ගෙන්වන එකාව නඩු නොකියම අතුගා දැම්මනම්නේ වටින්නේ.
ගමරාලගේ අමුඩේ වෙන්නැති...
කාගේ පැත්තටද හෝයියාව කියලා මේ කතාවෙන් පැහැදිලිවම පෙනෙනවා. පක්ෂයේ මතය වෙන එකක් වෙද්දී මෙතුමා මෙහෙම කතාකරන එකෙන් වෙන්නේ අනාගත සිහින සියල්ලම බොඳවීම කියලයි අපට කියන්න වෙන්නේ...
හදිස්සියෙන් හරි එල්ලුම් ගහ මතක් වෙලා තියෙන්නේ ..ඡන්දෙට වැරදිලාවත් අපේක්ෂක කම ලැබුණොත් කියලද මන්දා ... ඇත්තටම එල්ලන්න ඕන කට්ටිය තමයි , තමන්ගේ වරප්‍රසාද වලට මුවා වෙලා ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන්න තිරෙන් පිටිපස්සේ ඉදන් වැඩ කරන , එකෙන් පව්කාර ලෙස අසාමාන්‍ය මුදල් උපයන දියවන්නාවේ ඉන්න ගෙම්බෝයි , උන්ගේ සහයක වැඩ කරන එළියේ ඉන්න ව්‍යාපාරකයොයි .. බන්ධනාගාරේ ඉන්න කට්ටිය ගැන ඊට පස්සේ තීරණය කරන්න ... ගෙන්වන එකාව ඉතුරු කරපුවම අලුත් තැරව්කාරයෙක් මැරිච්ච එකාගේ තැනට එනවා කියලා අමතක නොකරන්න ...
ශ්‍රීලනිපය හැර අනිකුත් සියලු පක්ෂ මරණ දඬුවම අනුමත නොකරයි. සජිතුත් ශ්‍රීලනිපයේ ද? එජාපයේ සාමාජිකයෙකු ලෙස සිටිමින් එජාපයේ මතයට විරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම පහත් ක්‍රියාවකි. මිනිසෙකුගේ පමණක් නොව කිසිම සතෙකුගේ ජිවිතයක් නැති කිරීම පාපයක්. කුඩු ගෙන්වන ක්‍රම වැළැක්වීම රජයේ වගකීමක්.
කුඩු නොවෙයි කොයි ආකාරයකින් හරි පිටරටින් ගෙන්වන ඕනෑදෙයක් වළක්වා ගන්න රජයට හැකිවිය යුතුය. එසේ කළවිට කුඩු කොයින්ද? කුඩුවලට වඩා භයානක මතවාද රටවල බලවත් වන්නේ රාජ්‍ය පාලකයින්ගේ දුබලකම් නිසාය. අංගුලිමාල මිනිසුන් 999ක් මරලත් බුදුන් වහන්සේ ඔහුව උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කරගත්තා. මරණ දඬුවම ශිෂ්ට සමාජය අනුමත නොකරන අතර මිනිසුන් ඇතුළු කිසිම සතෙකු මැරීම බෞද්ධ සමාජයක නොසිදුවිය යුත්තකි. ප්‍රාණඝාතයෙන් වැලකෙමි යන පළවෙනි ශික්ෂාපදය කඩන නායකයෙකු බෞද්ධ සමාජයකට ගැලපෙන්නේ කෙසේද? රට පාලනය කිරීමට අවශ්‍ය රාජ්‍යතන්ත්‍ර ඥානය සියුම් ප්‍රඥාව හා උපාය කෞශල්‍ය නැති අය මිනීමරා රට පාලනය කරන්ටයි. මැරෙන්න ඉන්න මිනිසුන් වන අපි තවකෙකු මරනවාට වඩා කුමන වරදක් කළ අයෙකුට වුවත් මරණ දඬුවම නොදී අවබෝධය ඇතිකිරීමට උපාය උපක්‍රම යොදමින් හිරකර තබාගනිමින් ඔහුගෙන් රටට වැඩක් ඇති දෙයක් කරවාගත හැකිය. JR එල්ලුම් ගහ තහනම් කර සැනසීමේ මියගොස් සුගතිගාමීව ඇති බවත්, මිනී මරා රට පාලනය කරන්න යන අය අසහනයෙන් මියගොස් දුගතිගාමී වන බවත් මම දනිමි.