IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘මත්කුඩු විකුණන රැඳවියන්ට මරණ දඬුවම දීමේ වරදක් නැහැ’

(මනෝජ් හර්ෂික)
 
බන්ධනාගාරයේ සිට මත්කුඩු විකිණීමෙහි නිරත වන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට එරෙහිව පවතින චෝදනා, නීතියේ ආධිපත්‍යයට යටත්ව නිවැරදි අධිකරණය ක්‍රමවේදයක් තුළ සාක්ෂි සහිතව ඔප්පු වුවහොත්, ඔවුන් එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් තමා නොදකින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(11) පැවසීය.
 
‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කෑස්බෑව, කහපොල, ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අද (11) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම පිරිසට මරණ දඬුවම දීමට විරුද්ධව කතාකරන පිරිසගෙන්, ජීවිත සහමුලින් විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලක්ෂ 44ක පමණ වන පාසල් සිසු පරපුර රැකගන්නේ කෙසේදැයි තමන් ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා පැවසීය.

පාස්කු ඉරිදා දින අලුත්ම මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සහ එයට සහයෝගය ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව මරණීය දණ්ඩනය ලබා දීමට ද මෙම කණ්ඩායම විරුද්ධ බව ද අමාත්‍යවරයා පැවසීය.

රට කෑලිවලට බෙදීමට කටයුතු කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම ක්‍රියාත්මක කරනවිට, එදා පැවැති රජය ත්‍රස්තවාදීන් විනාශ නොකරන ලෙස ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන්නාද කියා තමන් ප්‍රශ්න කරන බවත්, එසේ උපදෙස් ලබා දුන්නා නම් අදටත් එම ත්‍රස්තවාදය රටේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 

 



අදහස් (10)

‘මත්කුඩු විකුණන රැඳවියන්ට මරණ දඬුවම දීමේ වරදක් නැහැ’

gamarala Thursday, 11 July 2019 12:22 PM

ඔබ තුමාගේ අදහස් වලට ගරු කරමි. මෙතන තියන තර්කය නම් මහා පරිමාණ වශයෙන් තරුණ පරපුර විනාශයට යැවීමට ඉඩ දෙනවාද? නැත්නම් ජනතාව එයින් බේරාගැනීමට කටයුතු කරනවාද යන්නයි.

:       53       140

de silva Thursday, 11 July 2019 12:46 PM

වෙලේ සුදා වැනි මහාපරිමාණ කුඩු ජාවාරම් කාරයෝ එල්ලනවට විරුද්ධ කවුද ? ඔන්න ඔය විදිහට කෙලින් කතා කරනවානම් කිසි ප්‍රශ්නයක් නැහැ , උසාවියකින් දෙන තීන්දුවක් ක්‍රියාත්මක කරන එක වරදක් නැහැ .

:       37       126

Wimal Thilakasiri Thursday, 11 July 2019 12:58 PM

මොකද පැටලුණාද? විකුණන අයට නොව දඩුවම් කල යුත්තේ මහාපරිම‍ානෙන් මත්කුඩු මෙරටට ගෙන්වන මුදාලලින්ට.

:       16       238

Rata Perata Thursday, 11 July 2019 01:05 PM

එස් එල් එෆ් පී එකේ සාමාජිකත්වය ගත්තොත් නරකද? මිනිස්සු ගොනාට අන්දන්නෙ නැතුව.

:       432       177

isurandi Thursday, 11 July 2019 01:08 PM

ඇයි දෙයියනේ එතකොට ඕවා ගේන එවුන්ව හුරතල් කර කර හිටියොත් හරිද? ඕවා රට තුල බෙදන්නේ ගෙන්වන නිසානේ. එහෙව් එකේ ගෙන්වන එකාව නඩු නොකියම අතුගා දැම්මනම්නේ වටින්නේ.

:       40       77

rohan Thursday, 11 July 2019 02:35 PM

ගමරාලගේ අමුඩේ වෙන්නැති...

:       1       21

sirimal Thursday, 11 July 2019 03:24 PM

කාගේ පැත්තටද හෝයියාව කියලා මේ කතාවෙන් පැහැදිලිවම පෙනෙනවා. පක්ෂයේ මතය වෙන එකක් වෙද්දී මෙතුමා මෙහෙම කතාකරන එකෙන් වෙන්නේ අනාගත සිහින සියල්ලම බොඳවීම කියලයි අපට කියන්න වෙන්නේ...

:       536       146

sharm warn Friday, 12 July 2019 05:52 AM

හදිස්සියෙන් හරි එල්ලුම් ගහ මතක් වෙලා තියෙන්නේ ..ඡන්දෙට වැරදිලාවත් අපේක්ෂක කම ලැබුණොත් කියලද මන්දා ... ඇත්තටම එල්ලන්න ඕන කට්ටිය තමයි , තමන්ගේ වරප්‍රසාද වලට මුවා වෙලා ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන්න තිරෙන් පිටිපස්සේ ඉදන් වැඩ කරන , එකෙන් පව්කාර ලෙස අසාමාන්‍ය මුදල් උපයන දියවන්නාවේ ඉන්න ගෙම්බෝයි , උන්ගේ සහයක වැඩ කරන එළියේ ඉන්න ව්‍යාපාරකයොයි .. බන්ධනාගාරේ ඉන්න කට්ටිය ගැන ඊට පස්සේ තීරණය කරන්න ... ගෙන්වන එකාව ඉතුරු කරපුවම අලුත් තැරව්කාරයෙක් මැරිච්ච එකාගේ තැනට එනවා කියලා අමතක නොකරන්න ...

:       0       0

thilakasiri Friday, 12 July 2019 08:44 AM

ශ්‍රීලනිපය හැර අනිකුත් සියලු පක්ෂ මරණ දඬුවම අනුමත නොකරයි. සජිතුත් ශ්‍රීලනිපයේ ද? එජාපයේ සාමාජිකයෙකු ලෙස සිටිමින් එජාපයේ මතයට විරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම පහත් ක්‍රියාවකි. මිනිසෙකුගේ පමණක් නොව කිසිම සතෙකුගේ ජිවිතයක් නැති කිරීම පාපයක්. කුඩු ගෙන්වන ක්‍රම වැළැක්වීම රජයේ වගකීමක්.

:       0       0

thilakasiri Friday, 12 July 2019 10:11 AM

කුඩු නොවෙයි කොයි ආකාරයකින් හරි පිටරටින් ගෙන්වන ඕනෑදෙයක් වළක්වා ගන්න රජයට හැකිවිය යුතුය. එසේ කළවිට කුඩු කොයින්ද? කුඩුවලට වඩා භයානක මතවාද රටවල බලවත් වන්නේ රාජ්‍ය පාලකයින්ගේ දුබලකම් නිසාය. අංගුලිමාල මිනිසුන් 999ක් මරලත් බුදුන් වහන්සේ ඔහුව උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කරගත්තා. මරණ දඬුවම ශිෂ්ට සමාජය අනුමත නොකරන අතර මිනිසුන් ඇතුළු කිසිම සතෙකු මැරීම බෞද්ධ සමාජයක නොසිදුවිය යුත්තකි. ප්‍රාණඝාතයෙන් වැලකෙමි යන පළවෙනි ශික්ෂාපදය කඩන නායකයෙකු බෞද්ධ සමාජයකට ගැලපෙන්නේ කෙසේද? රට පාලනය කිරීමට අවශ්‍ය රාජ්‍යතන්ත්‍ර ඥානය සියුම් ප්‍රඥාව හා උපාය කෞශල්‍ය නැති අය මිනීමරා රට පාලනය කරන්ටයි. මැරෙන්න ඉන්න මිනිසුන් වන අපි තවකෙකු මරනවාට වඩා කුමන වරදක් කළ අයෙකුට වුවත් මරණ දඬුවම නොදී අවබෝධය ඇතිකිරීමට උපාය උපක්‍රම යොදමින් හිරකර තබාගනිමින් ඔහුගෙන් රටට වැඩක් ඇති දෙයක් කරවාගත හැකිය. JR එල්ලුම් ගහ තහනම් කර සැනසීමේ මියගොස් සුගතිගාමීව ඇති බවත්, මිනී මරා රට පාලනය කරන්න යන අය අසහනයෙන් මියගොස් දුගතිගාමී වන බවත් මම දනිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 45 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 265 0

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 158 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 918 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 425 1

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 613 3

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1284 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 330 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1347 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site