(සුජිත් හේවාජුලිගේ )
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික මැණික් පතලකින් හමුවූ මැණික් පොකුර විකුණා ගැනීමට චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මැදිහත්ව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලිත කොහොන මහතාට පෞද්ගලිකවම උපදෙස් ලබාදී ඇතැයිද දැනගන්නට ඇත.
චිනයේ මැණික් මිලදී ගන්නා ධනකුවේරයන් සිටින හෙයින් ඒ පිරිස් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
මේ අතර මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් විවිධ විමසීම් කර ඇති බව මැණික් හා මැණික් ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය .
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි.
මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකේ.
කිසියම් ස්ථානයක විශේෂ ආරක්ෂක රැකවරණය යටතේ තැන්පත් කරනු ලැබ ඇති මෙම මැණිකේ වටිනාකම තක්සේරු කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැණික විකුණන වැඩේ කොහොන අතට ගනී
සිරි Monday, 02 August 2021 09:51 AM
කොහොන මහත්මයා විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්. මෙම ගනුදෙනුව පුද්ගල ප්‍රතිලාභයට වඩා රටට වැඩදායක විදිහට කරයි කියලා හිතන්න පුළුවන්...
පප්ප Monday, 02 August 2021 10:15 AM
බැසිල් වගේ කොමිස්පාරක් කොල්ලා දාගනියි. තිත්ත අවසානය, හිතපු තරම් මැණික වටින්නෙ නැහැ...
ලුම්බිණි Monday, 02 August 2021 10:32 AM
චීනයේ විතරද මැණික් මිලදී ගන්නා ධනකුවේරයන් ඉන්නේ...?
Hafeel Monday, 02 August 2021 01:32 PM
ආණ්ඩුවේ නොහැකියාව කල්මරන්න තවත් සංදර්ශනයක්. මේ වැඩේට චීනය අල්ලන්නත් ඕනේ... ඔය අස්සෙන් කොතලාවල පනතත් සම්මත කරගන්න පුළුවන්.