
(අජන්ත කුමාර අගලකඩ)
මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත.
මීට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20)පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරනු ඇතැයි වාර්තා වේ.
නව පරපුරේ ගායිකාවක ලෙස ලාංකීය ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇය ලබාගත් රසික ප්‍රසාදය සැලකිල්ලට ගනිමින් ,ඇයට මෙම ඉඩම ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.
මෙම ඉඩම් කැබැල්ල බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් ලබා දීමට යෝජනා වී ඇති අතර ,.1996 ලෝක කුසලානය දිනූ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ට ලබාදී ඇති ඉඩම් කොටස් වලට යාබදව එම ඉඩම් කැබැල්ල පිහිටා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඔය ඉඩමට දෙන්න තරමට වඩා මුදල් ඇතිනේ. තියෙන අයටමයි මේ ආණ්ඩුව තවතවත් දෙන්නේ...!
මනස දියුණු මිනිසුන් මෙවැනි පරිත්‍යාග කරන්නෙත් නැත. මනස දියුණු මිනිසුන් මෙවැනි පරිත්‍යාග ලබාගන්නේත් නැත. පර්චස් 10ක පමණ ඉඩම් කැබැල්ලකට වඩා ඇය ලංකාවට ලබාදුන් කීර්තිය අගය කළේනම් හෝ රාජ්‍ය අනුග්‍රහයෙන් පිළිගැනීමක් ලබාදුන්නේ නම් එය ඇය පමණක් නොව රටේ ජනතාවටත් වැදගත් වේ. ලෝකයේ වෙනත් රටවල මෙවැනි ඇගයීම් අප අසානැත...
ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමකුත් දුන්න නම් නරකද!!! මේ ළමයත් මොලේ කල්පනා කරලා වැඩ කලා නම් හොඳයි, මොකද ක්‍රම ක්‍රමයෙන් බුර බුරා නැගෙන ආණ්ඩු අප්‍රසාදය මේ ළමයා පිටිනුත් යන්න පුළුවන් හින්දා. පුළුවන් තරම් දේශපාලන සබඳතා වලින් ඈත් වෙලා, තමන්ගේ කලා කටයුතුවල පමණක් නියැලෙන්න. දේශපාලඥයන් සහ පක්ෂ ප්‍රචාරණය කරන්නට ගොස් හොඳටම පීචං වූ අපේ රටේ කලාකරුවන්ගේ ගණන මෙපමණ යැයි කිව නොහැක.
ඉතාමත් ධනවත් ශිල්පිනියකට ඉඩම් තෑගි දීමේ අරමුණු කුමක්.?.ඇයට මුලු නගරයම මිලදී ගැනීමට කරම්ම් ධනවත්ය. මේ කේශත්‍රයේ ඉන්නා ධනවත්න නොවූ ශිල්පීන් ගැන තැකීමක් නැතිද. සමහරැ යාන්තමට ජීවත් වන බව දන්නේද ?. යෝජිත අමරදේව අසපුවට කුමක් වීද?.මේ තෑගි නම් මල විකාරයකි.
මුළු අගනුවරම මිලදී ගැනීමට වත්කමක් ඇති මේ ගායිකාවට රජය මගින් තෑගි ඉඩමක් දීමේ අරමුණ කුමක්ද?. යෝජිත අමරදේව අසපුවට කුමක්වීද?
මෝඩ ආණ්ඩුවක්. ඇයගේ ජයග්‍රහණය සඳහා අපි ඇයට සහයෝගය සහ ගෞරවය දැක්විය යුතුයි. නමුත් පොදු ඉඩම් ලබාදීම මෝඩ තීරණයක්.
දෙන දෙයියෝ පස්සෙන් එලව එලවා දෙනවා.මාලිගාවකුත් හදලම දුන්නා නම් හොඳයි නේද?වසර පනහා හැට ගණන් ජනතාව ගීයෙන් පිනව ගායක ගායිකාවන් මොනවද කෙරුවේ?මේ ළමයා එක සින්දුවෙන්ම ඔක්කොම පරාද කෙරුවා නේ.ආසියාවේ ආශ්චර්ය
මහින්ද මහත්තය තමන්ගෙ පුද්ගලික බූදලෙන් මේ වගේ කොච්චරනම් පින්කම් කරල තියෙනවද? මේ රටේ පිනට උපන් නායකයෙක්.
ඇය විශාල මුදලක් මේ වන විට උපයාගෙන ඇත. ඇය නැති බැරි පවුලකින් පැවතෙන්නියක් නොවේ.මේ මුදල් නැති බැරි අයෙකුට ගෙයක් සාදාදිමට යොදන්නේ නමි එය කොතරම් පිනක්ද.
එක ගීතයකට මෙහෙම නම්, විශාරද අමරදේව, නන්දා මාලිනී, වැනි කලාකරුවන්ට කොළඹින් අක්කර 10ක් පමණ දෙන්න ඕනෑ නේද?
අනුන්ගේ සිංදුවක් කියලා සම්මානයක් ගත්තාම, කොළඹින් ඉඩමක්... ඉතා හොඳ පූර්වාදර්ශයක්...
ගහක් අනෙක් ගස්වලට සාපේක්ෂව සරුවට හැදිලා ලොකු ඵලදාවක් දුන්නොත් කෘෂි විශේෂඥයින් හොයල බලනවා මොකක්ද මේ වැඩි ඵලදාවට හේතුව කියලා. එහෙම හොයාගන්න අලුත් සංයෝග, අලුත් පරිසර තත්ත්ව පොත්වලට ඇතුළත් කරනවා. අලුතෙන් පටන්ගත්ත ව්‍යාපාරයක් කෙටි කාලයක් ඇතුලේ අනිත් ඒවාට වඩා දියුණු වුණොත් ව්‍යාපාර විශේෂඥයින් මේ හදිසි දියුණුවට හේතු හොයලා බලලා ව්‍යාපාරික සිද්ධාන්ත වලට ඒවා ඇතුළත් කරනවා. අනිත් ක්ෂේත්‍ර වලත් එහෙමයි. හැබැයි සංගීත ක්ෂේත්‍රයේ නම් එහෙම නෑ. මේ වගේ ගීත දෙක තුනක් මීට කලිනුත් ලොකු ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. සමහර ගීතවල මුල්ගීතය ජනප්‍රිය නොවී වෙනත් කෙනෙක් කරපු නැවත ගායනයක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ගීතවල පද රචනය දිහා බලලා, ඒවා ගායනය කරපු අය දිහා බලලා ඒවා ප්‍රතික්ෂේප කරපු එක තමයි දිගින් දිගටම වුනේ. මේ ගීත ජනප්‍රිය වෙන්න හේතු හොයලා ඒ ජනප්‍රියතාව වෙනත් ගීතයක ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් නම් අන්න එ්කයි නියම සොයාගැනීම...
සර්ගේ ගෝලයගේ දුවනේ..
රට කාපු අයගේ යෝජනාවක් කියලයි ආරංචිය...
මෙයට හේතුව පෞද්ගලික හිතවත්කම නොවේ නම් ලෝකයේ හොදම නළුවා වුණු කෙනා වගේම තව විද්‍යාඥයන් වගේම දක්ෂ නිපැයුම්කරුවන්ද ඇමරිකාවේ නව සොයාගැනීම් ඉදිරිපත්කර රට දිනවූ දරුවන්ටද ආසියාවේ ක්‍රීඩා ශූරතාවය දිනූ දරුවන්ටද ඉඩම් කැබැල්ල බැගින් දිය යුතුයි. මොකද රටේ නීතියත් තමන්ට කැමති ලෙසද තෑගි දෙන නිර්ණායකද තම අභිමතය පරිදි කරනවාද කියන එක ජනතාවට දැන් තේරෙයි.
ජනතාව නොමග යවන්න මේ ආණ්ඩුවට කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා. වහල්ලුන්ට මේවා කවදා තේරෙයිද මන්දා...?
මහින්ද වගේ කෙනෙක්ගෙන් මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද? ඉක්මණට මේ අපතයින් එළවමු.
දැනට මෙයාගේ වත්කම ඩොලර් මිලියන 50 ඉක්මවනවා. මහින්ද හදන්නේ ඉඩමක් දීලා මහරජා සින්දුව මෙයා ලවා නැවත කියවාගන්න වත්ද...? ඕවාට අහුවෙන්න එපා... සාටකයක් දැක්කොත් පස්ස නොබලා දුවන්න...
පර්චස් දහයක්...?
මේ ළමයා ඉඩමක් ඉල්ලුවේ නැහැනේ. දෙන්න හදන එකට ළමයා පලි නැහැ. හැබැයි දුන්නොත් නොගෙන ඉන්න එපා. ඇයි මේ රජයෙන් නිකම් ඉඩම් දීලා තියන රොත්ත දිහා බැලුවාම. ඇත්තට ඔවුන් මොනවා කළාටද? මේ ළමයා අඩු ගණනේ විදේශ විනිමයවත් ගේනවානේ...
මල්ලිට මොල 7ක් තියෙනවලු.. මට පේන්නේ අයියගෙ මොලේ තියෙන්නේ පස්ස පැත්තේ...
මටනම් මෙයාගෙ සින්දුවේකිසිම ලස්සනක් පේන්නේ නැහැ. තාත්තා හමුදාවේ හිටපු හින්දද දන්නේ නැහැ.
නන්දා මාලනී වැනි ගායිකාවන් ගැන මට බොහොම දුකක් ඇතිවෙනවා. දැනටමත් ඔවුන් සංගීතෙන් ඈත්වෙලා වගේ. අනාගත දරුවන්ට අහන්න සින්දුවක් නැතිවෙන්නයි යන්නේ. මට නම් හායි හුයි බබී ආච්චිගේ බයිසිකල් එක ඔයිට වඩා රසවත්.
අනුන්ගේ සින්දුවක් කියලා මෙයාට මෙහෙම දෙනවානම්.නන්දා මාලිනී වගේ ප්‍රවීණයන්ට රටෙන් භාගයක් වත් දීලා මදි
එයාටත් පීචන් වීමට කාලය පැමිණ ඇත. ඡන්දෙටත් දමාවිද දන්නේ නැහැ.. එහෙම වුණොත් ඉතින් ඉවරයි.