IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම්

(ප්‍රසන්න පත්මසිරි)

මඩොල්සිම රෝබේරිය පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදිකිරීම සංචාරකයින්ට තාවකාලික තහනම් කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ  සභාපති ලලිත් ජයවර්ධන මහතා පැවසීය.  

පසුගිය දිනක ලෝකාන්තයේ  රාත්‍රී කාලයේ කූඩාරම් ඉදිකර එහි  විනෝදවෙමින් සිටි පිරිසක් අතරින් පුද්ගලයකු ප්‍රපාතයට ඇදවැටී සිටියදී දින තුනකට පසු යුද හමුදාව විසින් ඔහුගේ සිරුර සොයාගැනීමත් සමග එම භූමියේ පවතින අනාරක්ෂික භාවයට විසදුම් ලබාදෙන තෙක් මෙම තීරණය ගෙන ඇත.

දේශීය විදේශීය සංචාරකයින්  නිතර ලෝකාන්තයට පැමිණ කූඩාරම් ඉදිකරමින් රාත්‍රිය ගත කිරීම නිසා සංචාරකයින්ට සිදුවන නතුරු මෙන්ම පාරිසරික වශයෙන් ද  හානි සිදුවේ.

ලෝකාන්තය නැරඹීම සදහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකර සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන තෙක් රාත්‍රී කූඩාරම් ඉදිකර විනෝද වන සංචාරකයින්ට ප්‍රාදේශීය සභාව මගින් තාවකාලික තහනමක් පනවා තිබේ.  



අදහස් (2)

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම්

ARON Friday, 19 February 2021 12:18 PM

පාරේ යද්දි හැප්පුණොත් පාර වහන්න ඕනේ...

:       8       7

asanka Friday, 19 February 2021 02:07 PM

හොඳ පියවරක්. එමෙන්ම කඳවුරු ගැසීමට සුදුසු ස්ථාන, නාම පුවරු ගසා පැහැදිලිව සංචාරකයින් හට දැන ගැනීමට සැලැස්වීම අවශ්‍ය දෙයක් යයි සිතමි...

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site