(සුජිත් හේවාජුලිගේ සහ ටී.කේ.ජී.කපිල)

ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගයක් මෙරටට අද උදෑසන රැගෙන එනු ලැබීය.

මෙම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ " කොවැක්ස් " පහසුකම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලැබූ වූවකි .

එන්නත් තොගය මුලින්ම ඇමෙරිකාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් අද උදෑසන 09.09 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .

එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගැනිණ .

ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථවලින් මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණයට ඒවා ප්‍රවාහනය කරන ලදී .