(කාංචන කුමාර ආරියදාස)
කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ කුඩාලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
මෙසේ රිය අනතුරින් මියගොස් ඇත්තේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් නෑගම්පහ ප්‍රදේශයේ පදිංචි හාබ්දින් ඉසාක් ඩින් (58) නූර්දීන් සමිරා උම්මා (46) යන දෙදෙනෙකු බව පොලීසිය කියයි.
සහල් සහ සිල්ලර බඩු ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් කැකිරාව ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වී තිබෙන බවත් ඒ අතරතුර දඹුල්ල දෙසින් කැකිරාව දෙසට වෑන් රථය ධාවනය වෙමින් තිබියදී ලොරි රථය තවත් යතුරු පැදියකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේ දී ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටීමෙන් ඊයේ (23) මෙම අනතුර සිදුව ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
අනතුර සිදු වීමත් සමඟ ප්‍රදේශවාසීන් තුවාල ලබා සිටි පිරිස දඹුල්ල මූලික රෝහලට යවා ඇති අතර තුවාලකරුවන් අතර කුඩා ළමුන් දෙදෙනෙකු සිටින බව ද පොලීසිය කියයි.
වෑන් රථයේ පැමිණි පිරිසගේ ඥාතිවරයෙකු විදේශ රටක මියගොස් එම රටේම ඔහු මිහිදන් කිරීම සඳහා සිය කැමැත්ත තානාපති කාර්යාලයට ගොස් ලබාදී නැවත නිවෙස් බලා එමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබේ.


2025 නොවැම්බර් මස 04
363
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මඩාටුගමදී සිදු අනතුරකින් දෙදෙනෙක් මරුට: 12ක් රෝහලේ