IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මඩකලපු බන්ධනාගාර සිරකරුවෝ 28 ක් විරෝධතාවයක

(වසන්ත චන්ද්‍රපාල)

 

මඩකලපුව බන්ධනාගාර වහලය උඩට නැග ගත් සිරකරුවන් 28 දෙනෙකු අද (5) දහවල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මඩකලපුව බන්ධනාගාරයේ සිටි පුද්ගලයකු අද පෙරවරු 7.30 ට පමණ අසනිප වී ඇති අතර පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ඔහු මඩකලපුව රෝහලට ඇතුළත් කරනු ලැබීය.

එම පුද්ගලයා දැඩි සත්කාර ඒකකය තුළදී මිය ගොස් ඇති අතර එයට විරෝධය පෑම සඳහා මෙම විරෝධය ආරම්භ කර ඇති බව මඩකලපුව පොලිසිය පවසයි.

මුලින් සුළු පිරිසක් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය සවස් වන විට 28 දෙනෙක් ඒ සඳහා එක්වුහ.

මෙලෙස විරෝධතාවයට එක්ව සිටින්නේ කුඩු සහ ගංජා වලට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිසකි.

මියගොස් ඇත්තේ නඩත්තු නොගෙවිම නිසා සිරගතවූ පුද්ගලයෙකි. ජමාල්දීන් මොහමදු නජීම් නැමැති 28 හැවිරිදි ඔහු ඒරාවුර් පොල පාරේ  පදිංචිකරුවෙකි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මඩකලපු බන්ධනාගාර සිරකරුවෝ 28 ක් විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site