(නිමල කොඩිතුවක්කු)
මඩකලපුව විශ්ව විද්‍යාලය යළිත් හිස්බුල්ලාට ලබාදීමට යම්කිසි බලවේගයක් උත්සාහ කරන්නේ නම් කොන්දේසි විරහිතව එයට දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංශු මාරසිංහ මහතා පැවසීය.
මඩකපුව විශ්ව විද්‍යාලය පිළිබඳ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ ව්‍යවහාරික විගණනයක් සිදු කළ යුතු බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංශු මාරසිංහ මහතා මෙසේ ද කීය.
‘‘අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විදියට අපි පාර්ලිමේන්තුවට පසුගිය 21 වැනිදා මඩකලපුව විශ්ව විද්‍යාලය පිළිබඳ අපේ වාර්තාව ඉදිරිපත් කළා.
මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ අපි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් අපිට විවාදයක් අවශ්‍යයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ දී ඒ විවාදය ගැන සාකච්ඡාව ඇති වෙයි කියලා.
ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභා සම්ප‍්‍රදායට අනුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු වෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් හතරකගේ මූලිකත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කර ඇති බව අපි දැනගත්තා. සති දෙකක් තුළ ඒ පිළිබඳ තීරණයක් ලැබීමට නියමිතව තිබෙනවා.
මේ වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ විවිධ කතා පැතිරෙමින් යනවා. මේ වාර්තාවේ කාරණා 15 ක් පැහැදිලිව තියෙනවා. මේ වාර්තාවේ අඩංගු කාරණාවලට අදාළව වෝහාරික විගණනයක් සිදු කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. මේ වෙලා තියෙන වැරදි සියල්ලක්ම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුයි.
අපි පැහැදිලිවම කියනවා මේ මඩකලපුව විශ්ව විද්‍යාලය මගින් රටේ නීති උල්ලංඝණය කරලා තියෙනවා. උදාහරණයක් විදියට මේ විශ්ව විද්‍යාලය ඉදිකිරිමට මහවැලි අධිකාරියෙන් අක්කර 35ක් ලබාදී තියෙනවා. ඒ අක්කර 35 ට පරිබාහිරව අක්කර 8 ක් බලෙන් අල්ලගෙන ගොඩනැගිලි ඉදිකරලා තියෙනවා.
මේ රටේ අල්ලපු වත්තකින් පොල් ගෙඩියක් කැඩුවොත් මොකක්ද වෙන්නේ කියලා අපි දන්නවා. එහෙමනම් ආණ්ඩුකාරවරයකුට රජයේ අක්කර 8ක් බලෙන් අල්ලගෙන ගොඩනැගිලි හදන්න අවස්ථාවක් තියෙනවාද. ඒ නිසා තමයි අපි කියන්නේ මේක නීතිවිරෝධීයි කියලා.
රජයේ නිලධාරින් සාක්ෂිකාරයන් ලෙස කැඳවලා හදපු වාර්තාවක් මේක. එහෙනම් රජයේ නිලධාරීන් වැරදිකාරයෝ වෙන්න ඕනෑ. යම්කිසි බලවේගයක් උත්සාහ කරනවා නම් නැවත මේක හිස්බුල්ලාට ලබා දෙන්න අපි එයට දැඩිව විරුද්ධ වෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.
මුස්ලිම් ජනතාවට විරුද්ධව යන ප‍්‍රශ්නයක් නෙමෙයි මේක. සමහර දේශපාලඥයන් දැන් එහෙම අර්ථ දක්වන්නත් හදනවා. මෙතන තියෙන්නේ රටේ තියෙන නීති වලට පරිබාහිරව බලහත්කාරයෙන් දේශපාලඥයෙක් කරපු වැරදි ක‍්‍රියාවලියක්.
ආංශික අධීක්ෂණ කාරක සභා නිර්පාක්ෂිකයි. මම එතනදී ඉන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙක් විදියට නෙමෙයි. අපි ආණ්ඩු පක්ෂ විපක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන් එකමුතුවෙන් එකඟතාවයෙන් තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ’’ යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔබ ගැන දුකයි . ඔබ මේ ප්‍රශ්නෙදි ගොඩක් උත්සහ කරනවා මේ ප්‍රශ්නේ ට නිවැරදි විසදුමක් දෙන්න . නමුත් ඔබට පෙනෙනවද ඔබේ සහෝදර දේශපාලඥයන් යයි කියා ගන්න අමන රල මොනවද කරන්නේ කියලා ? බලයට ඇති මල පෙරේත කම නිසා රට ට කරන අපරාධය ඔබට පෙනෙනවද ?? සාමාන්‍ය ජනතාව ඔබේ සගයන් ගැන කොහොම පැහැදීමකින් ඉන්නවද කියලා ඔවුන්ට කියන්න ..
ඕක ඔහොම තිබුනොත් ලබන ඡන්දෙන් පස්සේ බලයට එන මොකක හරි පක්ෂයක් එක්ක සන්ධානගතවෙලා ඕක නැවත අරගන්නවා , කරන්න තිබෙන හොඳම දෙය ඕක අනවසර ඉදිකිරීමක් නම් , අර වෙරළේ ඉදිකරපු අනවසර ඉදිකිරීම් ඩෝසර් කරනවා වගේ ඕකත් ඩෝසර් කරලා දමන්න , එතකොට ඔය ප්‍රශ්නය දවස්කිහිපයකින් ඉවරවෙනවා නැත්නම් ඔය ගැන පාර්ලිමේන්තුවේ දින ගන්න වැඩ විවාද කර කර ඉඳල බොරුවට අපේ බදු මුදල් විනාශ වෙලා අන්තිමට හිස්බුල්ල ඕක ගනීවි...... මොවුන්ට ලංකාවේ විශේෂ නීති , විශේෂ අධිකරණ අවශ්‍ය නැත . සියල්ලන්ටම එක නීතියක් ගෙන එන්න . සවුදියේ , පාකිස්තානේ , ඇමරිකාවේ , ජපානේ තිබෙනවද? මේ විකාර ඔක්කොම තිබෙන්නේ ලංකාවේ .
තවටික දවසකින් අපිට බලාගන්න පුළුවන් මේ පාදඩ දේශපාලුවන් කව්ද කියලා...
ඔබ සඳහන් කළා වගේ මුස්ලිම් ජනතාවට විරුද්ධව යන ප‍්‍රශ්නයක් නෙමෙයි මේක. එකක් පැහැදිලි මේ ප්‍රධාන පක්ෂවල් නියෝජන කරන ආණ්ඩු මේ සම්බන්ධව කිසිම පියවරක් ගන්නේ නැහැ. කොහොමටත් ඔබට මේ පක්ෂය සුදුසු නැත. බලන්න ඔබ නියෝජනය කරන වර්තමාන කාරක සභාවේ, අර චෝදනා එල්ල වූ රවී කරුණානායක එක්ක කොහොමද ඉඳගන්නේ?
මේක මුස්ලිම් විරෝධී නිසානේ ඔය ඔච්චර දඟලන්නේ... මේක පුද්ගලික සමාගමක් ඔහුගේ ණයෙන් ඔහු ඉඩම් අරන් කරන දෙයක් ඔහුගේ බිස්නස් වුණත් ඕකෙන් ලංකාවටත් ප්‍රයෝජන තියනවා. පුද්ගලික සමාගම ඔහොම ගන්න ගියානම් ආණ්ඩුවට බලෙන් ලංකාවේ තත්වය මොකද්ද? මේ වගේ අනිත් ඒවාට ඇඟිලි ගහන්නේ නැත්තේ ඇයි?
හසාන් පුද්ගලික සමාගමක් ලියාපදිංචි කලා කියලා එහෙම එක එක්කෙනාට ඕනේ ඕනේ විදිහට වැඩකරන්න බැහැ, සමාගමට මුල්‍ය ප්‍රතිපාදන ලැබුනේ කොහොමද? මේකෙන් කරන්න යන වැඩේ මොකක්ද යන වග පැහැදිලි වෙන්න ඕනේ