( තිළිණි ද සිල්වා )
මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටී.
ඒ සදහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පලව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
මෙරට ඉන්දිය මහා කොමසාරිස් තරංජිත් සිං මහතා සහ තමා අතර පැවති සාකච්ඡාවකදි මේ සම්බන්ධයෙන් අවධානය යොමු වු බව රණතුංග මහතා කියා සිටී.
මඩකලපුව ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස දියුණු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග හා එම ගුවන් තොටුපලේ දියුණු කළ යුතු අංශ පිළිබද වාර්තාවක් අමාත්‍යවරයා දැනටමත් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලා ඇත.
ඉන්දියානු රජය සිය ගුවන් ගමන් සේවා මඩකලපුව ගුවන් තොටුපළ දක්වා ද සිදු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇමතිවරයා කියා සිටියේ ය.
දැනට ඉන්දීය ගුවන් ගමන් කටුනායකට හා යාපනය පලාලි ගුවන් තොටුපල දක්වා සිදුකෙරේ.
මඩකලපුව ගුවන්තොටුපල 1958 දි සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කරන ලද්දකි. රටේ පැවති වාතාවරණය අනුව 1983 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගුවන් තොටුපල භාරගෙන ඇති අතර පසුව එය ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් කදවුරක් ලෙස ද පවත්වාගෙන ගියේ ය.
2018 වසරේ මාර්තු 25 වන දින මෙය නැවත සිවිල් ගුවන් සේවා කටයුතු සදහා විවෘත කෙරුණු මෙම ගුවන්තොටුපළේ දැනට දිනපතා පෙ.ව 08.00 සිට සවස 06.00 දක්වා දිනපතා අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ්‍ය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූඑන්පී ආණ්ඩුවෙන් කරනකොට උතුර නැගෙනහිර කොටින්ට දෙනවා කියනවා. මේ අය කරනකොට කමක් නැහැ. දේශප්‍රේමී කස්ටියනේ.
කෙරුවට කමක් නැහැ... අර පරණ විදියට කුට්ටිය ඉල්ලන්න එපා බැණ බැණ...
පලාලි එයාපෝර්ට් එක ජාත්‍යන්තර කරන කොට හොඳ නැතිය කියපු අය තවත් සිටීද?
තව එකක් තියෙනවා... කොග්ගල එකත් ජාත්‍යන්තර එකක් කරන්නකෝ...
මේ කරාට කමක් නැහැ. අල්ලස් ගන්න ඒවා ෆෝන් එකෙන් කියන්න, කරන්න යනවා එහෙම නොවේ..
තියෙන අභ්‍යන්තර ගුවන්තොටුපළවල් ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් කරන්න තියෙන අමාරුව දැනට තියෙන කටුනායක වැඩිදියුණු කරන්නයි. රත්මලන දියුණු කරන්න යෙදෙව්වා නම් මීට වැඩිය ප්‍රතිඵලයක් ලැබෙයි...
රටේ තරමට ගුවන් තොටුපොළවල් තිබිය යුතුයි. දැනටමත් අගනුවරට කටුනායකත්..., රත්මලානෙත් හැරුණු විට දකුණට හම්බන්තොටත්, උතුරට පලාලිත් මදිද? අනික්වා වීරවිල, සීගිරිය සහ මඩකලපුව වැනි තවද ඇත. ඒවා රට තුළ දේශික, විදේශික සංචාරක පහසුකම් සේ නවීකරණය කිරීම සුදුසු යයි සිතමි. අනවශ්‍ය වියදම් නැවත මෙයිට වඩා රටට අවශ්‍ය දේ බොහෝය. කොමිස් හෝ ලාභ ප්‍රයෝජන නොබලා රටට සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යමක් කිරීම මැනවයි සිතමි. දේශපාලනයෙන් තොර, විදේශයක සිටියත් උපන් මව්බිමේ උන්නතිය සඳහාය.
මල්ලි පලාලි කළා. අයියා මඩකලපුව කරනවා. කෑගල්ලටත් එකක් දෙන්නකෝ...
ජනතාවගේ සල්ලි වියදම් කරලා අනවශ්‍ය දේවල් මේ වෙලාවේ කරන එක නොවේ බුද්ධිමත් අයකු කළ යුත්තේ තියෙන ඒවායින් උපරිම ලාභ උපයා එයින් පසුව ඕවා කිරීමයි.
මේක වැරදි තීරණයක්. මුස්ලිම් ටැමිල් ඡන්ද වලට වහ වැටිලා මුදල් විනාශ කරන්න එපා. ජාත්‍යන්තර එයාර්පෝට් 3ක් ලංකාව වගේ කුඩා රටකට ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් හතරවෙනි එකත්?
රණතුංග ඇමතිතුමා, ඔබ ඉන්දියානුවන්ගේ කපටි, කෛරාටික කම් දන්නේ නැතිව ඇති. දැනගත්තත් සිය වාසියට දන්නේ නැහැ වගේ ඉන්නවා ඇති. රජිව් ගාන්ධි යාපනේට පරිප්පු දාලා JR බය කරලා 1987 ඇඳිරි නීතිය අස්සේ පළාත් සභා මේ රටේ පිහිටෙව්වේ අපට ආදරේටද? රනිල් හම්බන්තොට චීනෙට විකුණනකොට ඉන්දියානුවා මත්තල ගුවන් තොටුපොල ගන්න දැඟලුවේ අපට ආදරේටද? කොළඹ වරායේ නැගෙනහිර පැත්ත ගන්නට දඟලන්නේ අපට ආදරේටද? ලංකාව වටේ indian oil මධ්‍යස්ථාන පිහිටුවලා වැඩිමිලට තෙල් විකුණන්නේ අපට ආදරේටද? යාපනේ මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න වියදම් කරන්නේ අපට ආදරේටද? ඉන්දියානුවන් මහමග මැරෙද්දී අපට ඇම්බියුලන්ස් එව්වේ අපට ආදරේටද? පහුගිය දවස්වල ඡන්දෙ කට උඩ තියෙද්දී යාපනේ ගුවන් තොටුපොළක් ස්ථාපිත කලේ අපට ආදරේටද? ගෝඨාභය ජනාධිපතිවරයාට ආරාධනා කරලා ගෙන්වාගෙන ඩොලර් මිලියන ගණනක් දෙන්න පොරොන්දු වුනේ අපට ආදරේටද? යාපනේට ප්ලේන් එවන්නේ ඉන්දියාව අපට ආදරේටද? ඒ වගේම මඩකලපුවටත් ප්ලේන් එවන්න් අපට ආදරේටද? මෝඩ වැඩ කරන්න එපා... ඇමතිකම් ලැබුණම මේක අපේ රට රට රැකගන්න වැඩ කරනවා හොඳයි. ගෝඨාභය ජනාධිපතිතුමා අපහසුතාවයට පත් නොකර නිශ්ශබ්දව හිටියා නම් ඒ හොඳ ඇත..
මේ ඇත්තෝ රට කරන්නේ දැනුමකින් නොවේ... ඒ නිසයි දකින දකින තැන් නමගිය ප්‍රසිද්ධ තැන් කරන්නේ..., තව ඉදිරියට බලන්නකෝ..!!! මේ කට්ටිය දළදා මාලිගාවල් උතුරේ දකුණේ මාරුකරගෙන... හදන්නේ නැත්ද කියලා.. මේ කට්ටිය බාගෙට හදන කොට ආණ්ඩුව මාරුවෙනවා ඊළගට. එන කට්ටිය වී වේලන්න, වී ගබඩා කරන්න ගන්නේ එම ස්ථාන... ඉස්සෙල්ලා පැරදිලා යනකොට නිවාඩු නිකේතන හැදුව රජ්ජුරුවන්ට සැතපෙන්න ඒවා කොහොමද දැන් මෙදා සැරේ නම් අල්ලස් ,හොර ඉඩම් ගනු දෙනු කරන පාටක් නැහැ වගේ... 225 - 200 වෙයිද දන්නේ නැහැ. හොරකම් කරන්න නැතිවුණාම කම්මැලියි නේද? පරිප්පු නැති හෝටලේ වගේ ඒ වගේද අහුවුණොත්... නේද? මේ කට්ටියගේ තිබුණු නඩුවලට මොකද වෙන්නේ? රට දියුණු කරන්න කලින් තමන් නිර්දෝෂී වෙලා ඉන්න. පිට රටින් එන මුදල් රැස් කරගන්නේ නැතිව. සෙල්ලම් ගෙවල් හදනවා.
මෙයාගෙ අධ්‍යාපන මට්ටම හොදට පැහැදිලි වෙනවා. ගුවන් තොටුපොලවල් වලින් රට, පුරවන්න ඉස්සරවෙලා රටේ මිනිසුන්ට මාරයාට අත වන වන උදේ හවස ගමන් කරන, ප්‍රවාහන ක්‍රමයට පිලියමක් යොදන්න. රටේ මෙවැනි ගුවන් තොටුපලවල් ආරක්ෂාවටත් ප්‍රශ්නයක්. මෙයා අත තියන්නෙ මෙගා ප්‍රොජෙක්ට් වලට. ජනතාව විසින් ප්‍රතික්ශේප කලයුතු පුද්ගලයෙක් ආනන්දයේ උගත්තත් ජනපති තුමනි මෙයා ඔබේ කන්ඩායමට හරි යන්නේ නෑ.
මේවගේ සංකීර්ණ වැදගත් අමාත්‍යංශ මේ වගේ අයට දෙන්න හොද නෑ. රටකට දරාගන්න පුළුවන් ඒවා තියෙනවා.
අනේ මහත්තයෝ, අපිට තෙබුවනටත් ජාත්‍යන්තර ගුවන් තොටුපොලක්වත් ලබා දෙන්නකෝ. මෙහෙ ඉඳලා කළුතරට යන්න වත් බස් බොහොම හිගයි!
සචිත් කියන එක හරි . ආදායමක් එන්නේ නැතිනම් මොකටද මේ අවස්ථාවේ වියදම් කරන්නේ? අපි ආර්ථිකව ස්ථාවර උනාම මේවා කලොත් නේද වඩා හොඳ ? හොඳම දේ BIA පුළුල් කරන්න. පහසුකම් වැඩි කරන්න. කවුන්ටර් ගණන වැඩි කරන්න. පෝලිම අඩු කරන්න. හොඳ සාප්පු ටිකක් දාන්න.
මෙය කෙරුවාට නම් ගැටළුවක් නැත කෙසේ වෙතත් මොධිගේ ගුවන්තොටුපල කියා නම් නොදැම්මාට කම් නැත. එලෙසම අපේ දේශපාලුවන්ගේ අපත නම් ද නොදැම්මාට කම් නැත.
ලැබෙන ආදායම පොලි ගෙවන්නත් මදි... 2020 බිලියන 4.7 ණය ගෙවන්න ඕනේ... ඡන්ද ගන්න බොරු බයිලා ගහන්නේ නැතිව ආදායම වැඩි කරගන්නා හැටි දන්නා කෙනෙකුට ඇමතිකම දීලා මේ පැරණි මෝඩයින් ගෙදර ගියා නම් හොඳ නැද්ද?