
(ටි එල් ජ්ව්ෆර්කාන්)
මඩකලපුව - කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තාලන්කුඩාහි සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනකු මිය ගිය බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
අක්කරේපත්තුවේ සිට කොළඹ දෙසට ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයක් එම දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු කාලි කෝවිල පාරේ පදිංචි එස් දිලුකකන් හා නිලුක්ෂන් නැමැති වයස අවුරුදු 20 සහ 22 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු වේ.
අනතුර සිදුකළ බස් රථයේ රියදුරු හා කොන්දොස්තර පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.
බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd