IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


“‍මට ජීවිතේ එපා වෙලා තිබුණේ”

 

එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීම ගැනත් සිතා බලමින් සිටි බව හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය කියා සිටියාය. ඇමරිකානු රූපවාහිනී සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඒ බව  පවසා සිටියාය.

ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් දින කිහිපයක සිටම විවාද සම්පන්න සාකච්ඡා ඇතිවී තිබිණ. එහෙත් එය විකාශය වූයේ ඊයේ (ඉරිදා) රාත්‍රියේදීය.

එංගලන්ත රජ පවුලට සම්බන්ධව සිටියදී එහි තිබූ ජාතිවාදය පිළිබඳ තමන්ට අනියත බියක් පැවැති බවත් ඇය කියා සිටියාය.

රාජකීය ජීවිතයෙන් නිල වශයෙන් ඉවත්වීම පැහැදිලි කරමින් මේගන් කියා සිටියේ තමන් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතරතුරදී ඇයට උදව් නොලැබුණු බවත්, තමන්ව බොරුවලින් ඉලක්ක වූ බවත්, ඇගේ නූපන් පුතාගේ සමේ පැහැය පිළිබඳව රජ පවුලේ උදවිය නිල වශයෙන් සැලකිලිමත් වූ බවත්ය.

එංගලන්තයේ ඔටුන්න හිමි II වැනි එළිසබෙත් රැජිනගේ මුණුබුරා වන හැරී කුමරුන්ගේ බිරිඳ, මේගන් මේකල්, ඇමරිකානු ජාතික කාන්තාවකි. ඇයගේ පියා සුදු ජාතිකයකු වන නමුත් මව කළු ජාතික කාන්තාවකි.

සුප්‍රකට මාධ්‍යවේදිනියක වන ඔපාරා වින්ෆ්රි සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේගන් මේකල් කළ ප්‍රකාශයන් හේතුවෙන් එංගලන්ත රජ පවුලේ අභිමානය දෙදරා ගොස් තිබේ.

“මට ... තවදුරටත් ජීවත් වෙන්න වුවමනාවක් තිබුණේ නෑ. එය ඉතා පැහැදිලිවම, සැබෑ ලෙසින් බිය උපදවන නිරන්තර සිතුවිල්ලක් වුණා” ඇය වින්ෆ්රිට පැවසුවාය.

ඇයට සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවූයේ යයිද ඇසූ විට මේගන් පිළිතුරු දුන්නේ “ඔව්... එය ඉතා පැහැදිලියි” යනුවෙනි.

එම අවස්ථාවේ ඇයට දැණුනු හැඟීම් සිහිපත් කරමින් ඇය පැවසුවේ “මම බයයි, මන්ද එය හැම අතකින්ම සැබෑ හැඟීමක්.. එය කොහෙන් හෝ පාවී ආ අදහසක් නොවේ.... ඒක සැබෑ අදහසක් වුණා... ඒත් ඒම ම නෙමේ” යයිද ඇය පැවසුවාය.

39 හැවිරිදි මේගන්, තම පුතාගේ සම කෙතරම් අඳුරු වනු ඇත්ද යන්න ගැන රාජකීයයන්ගේ “කනස්සල්ල” සම්බන්ධයෙන් බියවී සිටියාය. ඇගේ පුතු වන ආචීගේ පෙනුම පිළිබඳ රාජකීයයන්ගේ උනන්දුව ගැන මෙන්ම 2019 මැයි මාසයේ උපත ලැබීමට පෙර සිටම ඔහුට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳවද මහරැජිනගේ මුණුබුරා වන හැරී සිය බිරිඳට හෙළිදරව් කර තිබිණ. ආචි කුමරුන් උපත ලද්දේ 2019 මැයි මස 6 වැනිදාය.

“මම ගැබිනියක්ව සිටි ඒ මාසවලදී ... “ඔහුට ආරක්ෂාව දෙන එකක් නෑ... ඔහුට (රාජකීය) තනතුරක් දෙන එකක් නෑ...වගේ දේවල් අපි එක දිගට ඒ ගැන සාකච්ඡා කළා”. ඔහුගේ සමේ පැහැය කෙතරම් අඳුරු විය හැකිද යන්න ගැනත් ඔහු උපදින්න පෙර ඉඳන්ම සාකච්ඡා ඇතිවුණා” යයි මේගන් ඔපාරා වින්ෆ්රිට පැවසුවාය.

රාජකීය යුවළ උතුරු ඇමරිකාවට පදිංචියට යාමේ තීරණයෙන් පසු මේගන් මේකල් සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය පුවත්පත්වල විවිධ ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් වාර්තා කෙරිණ. ඔවුන් කියා සිටියේ හැරී කුමරුන් සහ බිරිඳ සිය පුතුද රැගෙන ඇමරිකාවට යාම නොසැලකිලිමත් හා ආත්මාර්ථකාමී තීරණයක් ලෙසිනි.

 

 

-ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි

 



අදහස් (24)

“‍මට ජීවිතේ එපා වෙලා තිබුණේ”

Shantha Monday, 08 March 2021 04:26 PM

වෙන මුකුත් ප්‍රශ්න නැහැ ලංකාවේ... මේවා තමයි රාජකීය ප්‍රශ්න අපිට තිබෙන.

:       7       3

nm Monday, 08 March 2021 06:48 PM

මෙගන් ඇමෙරිකාවේ නිළියක්ව සිටියදී ගතකළ ජීවිතය ඉතාම නිදහස් වූ අතර ඇය එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව මෙගන්ට එම ඇමෙරිකානු ජීවිතය රජ ගෙදරදී ගත කිරීමට කෙසේවත් නොහැක සහ නොලැබේ. බකිම්හැම් මාලිගය යනු රැජිනගේ නිවස වුවද එහි විශාල සේවක පිරිසක් සිටියි. මෙගන්ගේ අතීතය පිළිබඳව සැලකීමේදී ඇය ගතකළ නිදහස් ජීවිතය අතහැර රජගෙදර දිනපතා සැලසුමකට අනුව ගතකරන්නාවූ ජීවිතය අනුගත විය නොහැකිය. හැරී රජගෙදර සිටියද තරමක් සෙල්ලක්කාර නිදහස් ජීවිතයක් ගතකළ කෙනෙකි. හැරී සහ ඔහුගේ බිරිඳ වන මේගන් මේකල් ඔවුන්ට ගැලපෙන පහසු ජීවිතයක් ගත කිරීමට ගත් තීරණය නිසා ඇමෙරිකාවේ පදිංචිය තෝරාගෙන ඇත. ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇති කිරීමේ අභිලාශයක් ඇතිව කළ හෝ අවශ්‍ය තත්වය මත කළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව නිසා මෙගන්ට තාවකාලික වාසියක් ඇති වුවත් එංගලන්ත රජ පවුලට මෙයින් කිසිඳු හානියක් නොමැත. එංගලන්ත රජ පවුලට සම්බන්ධව සිටියදී එහි තිබූ ජාතිවාදය පිළිබඳ තමන්ට අනියත බියක් පැවැති බව මෙගන් කීවද රැජින නායකත්වය දෙනුලබන බහුතරයක් කොමන් වෙලත් රටවල් ආසියානු සහ අප්‍රිකානු රටවල්වේ..

:       10       8

prasanna Monday, 08 March 2021 08:07 PM

මට හිතෙන්නේ අපේ රටවලටත් නරක ගතිගුණ එන්න ඇත්තේ මොවුන් හරහා. රජපවුල කෙතරම් පහළ මානසිකත්වයකින්ද ඉන්නේ?

:       8       12

Alwis Tuesday, 09 March 2021 12:17 AM

චැනල් - 4 නාලිකාව කියන්නේ කොටින්ට අම්බානකට කඩේ ගිය නාලිකාවක්. පසුකාලෙක ඒකේ මූල්‍ය ප්‍රශ්නයකදී ඔප්පු වුණා ඒකේ සම්පූර්ණ අයිතිය මහ ‍රැජිනට අයිති වෙලා තිබුණු බව. ලෝකෙන් භාගයක් පාලනේ කරාට, බල තණ්හාසේ උතුරා හැලෙනවා ඔය රජ පවුලේ.

:       3       12

මුණසිංහ Tuesday, 09 March 2021 02:02 AM

මානව හිමිකම් ගැන අපිට උගන්වන්න එන රට...!

:       2       22

Chamara Tuesday, 09 March 2021 02:29 AM

මම මාස 12 කොරොනා නිසා ජොබ් නැතුව ගෙදර. ඉන්නෙත් කුලියට... මාසයක්වත් අඩු නැතුව කුලිය දෙන්නත් ඕනෑ. බබාලා දෙන්නට, බිරිඳට කන්න, බොන්න දෙන්න ඕනෑ. ඔක්කොම බලන්න ඕනෑ. ඇඳුමක් අරන් නැහැ අවුරුද්දකින්.. කැමැති කෑමක් කාලා නැහැ අවුරුද්දකින් එළියට ගිහින්. දවසේ පඩියට වැඩ...

:       0       19

SL Tuesday, 09 March 2021 03:44 AM

මානව හිමිකම් ගැන උපදෙස් දෙන ගොඩක් සුද්දන්ගේ වැඩ ඔහොමයි. ඇමෙරිකාවේ පාරේ බල්ලෝ බළල්ලු ගානට කළු මිනිසුන් මරණ එක ගැන කවුරුවත් කතා නැහැ.

:       2       29

Nihal Tuesday, 09 March 2021 05:09 AM

සුද්දන්ගේ රටවලට ඇවිත් සුද්දා ව්ර්ණනා කර මව්බිම බින්දුවට බස්සලා කතා කළාට මෙහෙ තත්වය ඕකයි. අපිව රෝහලකට බාරගන්නේ නැහැ.

:       5       29

Nihal Tuesday, 09 March 2021 06:14 AM

මොනවා නැතත් අපේ අය සති 03ට පමණ ලංකාවට නිවාඩුවට ආපුවාම දරුවන් ඉංග්‍රීසියෙන්, ප්‍රංශයෙන්, ඉතාලියෙන් කතා කරන කොට ඒ අයට සිංහල බැහැ කියලා අහළ පහළ කියන්නේ හරිම උජාරුවෙන් මහමෙරක් ලැබුණා වගේ.. කළු, සුදු බේදය නිසා දරුවෝ ඉස්කෝලේ යන්න බෑ කියලා අද වචනයක් වත් කතා කරන්නේ නැහැ.. ඒ වගේද සති 03?

:       4       18

බද්රානිTuesday, 09 March 2021 09:27 AM

අනේ, නිහාල් මහත්තයෝ, යනවා හලෝ මෙතන නොදන්නා දේවල් කතා නොකර? ඔහේ බකින්හැම් මාලිගාවේ ජීවත් වුණු, මෙගාන්ට තියන පෞද්ගලික ප්‍රශ්නය එංගලන්තයේ පොදු ප්‍රශ්නයක් කියලද හිතාගෙන ඉන්නේ? එංගලන්තයේ කිසිම ජාති,ආගම් බේදයකින් තොරව, සියලුම දරුවන්ට ඔවුන්ගේ නිවාස ආසන්නයේ තිබෙන පාසලක් ලබාදීමට රජය බැඳී සිටින බව හා ඔවුන් එය ලබාදෙන බව ඔබ දන්නවාද? ඉතාම අඩු මුදලකට ගුණාත්මක ආහාර වේලක් පාසල් දරුවන්ට ලබාදෙන බව ඔබ දන්නවාද? තමන්ගේ පුහු පම්පෝරිය වයමින් මෙතන නොදන්නා දේවල් නොකියා බොරු සමාජ ගත නොකර ඉන්න. එංගලන්තයේ ප්‍රංශයේ එම භාෂාවලින් අධ්‍යාපනය ලබන දරුවන් නිවාඩුවට පැමිණ සිංහල කතා කළ යුතුයි කියලාද ඔහේ මේ කියන්නේ? දැනට, ඒ දෙමව්පියන්ට පින්සිඳු වන්නට නිවාඩුවකට හෝ දෙමව්පියන්ගේ මුදල් ලංකාවේ වියදම් කර යන ඔවුන් අනාගතයේදී මේ මිලේච්ඡයින්ගේ රට දෙස බලාගෙන බත් ටිකක් වත් නොකන බව සිකුරුයි. මෙගාන් ගැන මහලොකු කම්පාවකින් කතාකරන අයගේ රටේ මැදපෙරදිග අනාථ වී සිටින කාන්තාවන්ට, එහෙ මුස්ලිම් මහත්තුරු හොඳට සලකන බව ඔබ දන්නවාද? ලැජ්ජයි.. !!!

:       13       11

NihalTuesday, 09 March 2021 11:21 AM

ඇත්ත තිත්තයි, විදේශ විනිමය? ගන්න පඩියට ගෙවල් කුලියට ගියාම මොන ඉතුරුවක්ද.?

:       3       5

NihalFriday, 12 March 2021 11:31 AM

බත් පිඟාන ගැනවත්, කම්කරු, ඇඳුම් ගැනවත් නෙවෙයි කිව්වේ. කළු, සුදු නිසා අවුරුද්දකට පිහියෙන් ඇනලාම දරුවන් 15ක් පමණ මරණවා. ඇත්ත තිත්තයි.

:       0       0

Raveendra Tuesday, 09 March 2021 07:34 AM

පරම්පරා කීපයකට පෙර මේ සුද්දන්ම අපේ මුතුන්මිත්තන් වන හෙළයින්ව සමූල ඝාතනය කර අපේ සම්පත් කොල්ලකෑ බව නොරහසකි. එහි ප්‍රතිඵල දැන් දැන් ලබාගනිමින් සුද්දන්ම එවන් පාපකර්ම නිසා වෙනත් දිශාවකින් විඳවනවා නොවේද? මෙය සුද්දන්ට පමණක් නොව අප සැමටම පොදු ධර්මතාවයකි.

:       2       17

බද්රානිTuesday, 09 March 2021 11:43 AM

රවීන්ද්‍රලාට නොතේරුණාට මේ රට මංකොල්ල කෑවේ සුද්දන්ද, සිංහල කළු සුද්දෝද කියන එක අපි නම් දන්නවා. සුද්ද එදා තේ වගාවෙන් නොම්මර එකේ තේ ලෝකෙටම හඳුන්වා දුන්නා වගේම කසල තේ ලෝකෙටම හඳුන්වා දුන් කළු සුද්දන් ගැන රවීන්ද්‍රලා දන්නේම නැහැ වගෙයි. සුද්දොත් තියලා ගිය කෞතුකාගාරයේ තිබුණු රාජසිංහ රජතුමාගේ කඩුවට විද්දෙත් සුද්දෝද? කළු සුද්දෝද? බොරුවට ඉතිහාසය තලු මරමින් මේ භූමියේ මිරිස් පැලයක් සිටුවා නැති නිකමුන් තමයි මේ බොරු කයිවාරු ගහන්නේ? අපි දන්නා තරමින් එංගලන්තේ සුද්දෝ නම් යහමින් ජීවත් වෙනවා. ඔවුන්ට වතුර හිඟයක්, විදුලි හිඟයක් හෝ කෑම අහේනියක් නැහැ. එංගලන්ත සුද්දෝ ඔවුන්ගේ බිරිඳන්ව මැදපෙරදිග ගෘහ සේවයට යවන්නේත් නැහැ. ලෝකෙන්ම හිඟා කකා පම්පොරිත් ගන්න මෙතන ලජ්ජා නැතිව? රෙදි ඇඳගෙනද මේ මිනිස්සු මේ විදිහට කයිවාරු ගහන්නේ?

:       4       4

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 March 2021 11:43 AM

රජ පවුලේ ප්‍රශ්නය පැත්තකින් තියමුකෝ.. අනුන්ගේ දොස් හොයන්න අපි වර්තමානයේ හරි ශිෂ්ඨයි කියා අපි හිතන්නේ.. අපේ බුද්ධිමත් ජනතාව බොහෝවිට රට බාරදෙන්නේ හොරුන්ට, තක්කඩින්ට, මංකොල්ලකාරයින්ට හා මිනීමරුවන්ට. එහෙව් අය තමයි, අපව හා රට පාලනය කරන්නේ..!!! අඩුම තරමේ අද බෙල්ල කපලා බෑග් එකේ දාලා තමයි ගෙනියන්නේ කඳ කොටස. බෙල්ල හොයනවා බොරු... තව ඍණ පැත්තේ සුදුසුකම් බොහෝමයි අපට... ඔය සුද්දන්ට පුලුවන්ද අපට ඒ අතින් අලගු තියන්නටවත්... එහෙව් සුදුසුකම් තියෙන අපි අපට කිට්ටු වෙන්නවත් බැරි සුද්දන්ගේ අඩුපාඩු කතාකිරීම හොඳ නැති බව තමයි කියන්න තියෙන්නේ. මං කිව්වේ අතීත කාලය ගැන නෙමෙයි. අපගේ වටිනා වර්තමාන කාලය ගැනයි. අපේ හැදියාව ඒ තරම්ම අද විශිෂ්ටයි. අපේ වර්තමානය අපට ගෙනදෙන්නේ මොනතරම් ආඩම්බරයක්ද නේද..?

:       4       5

සුදු ගොට්ටාThursday, 11 March 2021 03:40 AM

ඒකනේ බලන්නනේ. ඒ කාලේ වෙල්ලස්සේදී, ශ්‍රේෂ්ඨ සුදු උතුමාණෝ අතදරුවෝ උඩ දාලා කඩු තුඩ ඇල්ලුවේ. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අපේ උන්ට ඔව්වා තේරෙන්නේ නෑනේ... ගෙවල් වලට පැනලා හොය හොයා වෙඩි තිබ්බා නම් හරිම උතුම්නේ. ආ තව දෙයක්.. සුදු උත්තමයින් සත්තුන්ට එහෙම හෙන කරුණාවයි. එක සුදු උතුමෙක් අලි 1500ක් මැරුවා ආදරේට.

:       3       4

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 11 March 2021 12:32 PM

වලිගය පාගාගත් සුදු ගොට්ටාට හොඳටම රිදිලා. සුදු ගොට්ටෝ.. මං කීවේ වර්තමානයේ හැටි.. අතීතය ගැන අපේ මුතුන්මිත්තන්ගේ දොසක් මං කියා නැහැ...

:       4       4

Nihal Tuesday, 09 March 2021 12:43 PM

කලු, සුදු භේදය අඩන්තේට්ටම් පහරදීම් දරුවන්ට දරාගන්න බැරි නිසා ගෙවල්වලින් දරුවෝ පැනලා යනවා. මාලිගාවේ ඔහොමනම් පිට කොහොම ඇද්ද? කියලා ලෝකෙට හිතාගැනීම පහසුයිනේ..

:       2       11

බද්රානි Tuesday, 09 March 2021 02:57 PM

අමුඩේ ගහගෙන හිටපු අයට කලිසම අන්දවපු එක තමයි සුද්දෝ කළ ලොකුම වැරැද්ද? මෙතන සුද්දන්ට සද්දෙට බුරන කුක්කන්ට වලව්වක් පැත්තේ ගියා නම් රජතුමා ආයේ අමුඩය අන්දවලාම එවයි... තමන්ගේ තරම දැනගෙන ජීවත් වෙයල්ලා මිනිසුනේ.. නුඹලාගේ ලොකු ලොක්කන්ගේ දරුවෝ විතරක් නෙමේ.. මහ එකාලත් සුද්දන්ගෙන් ඒ රටේදී ටොකු කාලා මෙහෙ ඇවිල්ලා උඹලා ඉස්සරහා සුද්දන්ගේ පලු අරිනවා. ඒකටත් එක්ක උඹලාගේ සමහර කෙරුම් කාරයෝ සුද්දන්ගේ රටේ දෙවැනි පෙලේ, විජාතික පුරවැසියෝ... තව මෙතන පම්පොරිත් ගහනවා ලජ්ජා නැතිව? නුඹලා, නුඹලවම රවට්ටගෙන ජීවත්වෙන විපරිත ජාතියක් බන්..!!!

:       10       8

UgithaThursday, 11 March 2021 03:26 AM

බද්‍රාණි.., මම දන්නේ නැහැ ඔහේ බකිංහැම් එකේ වැඩ කරනවද කියලා. පොදුවේ ගත්තාම කළු හම තියෙන හැම කෙනාටම ඕක තමයි. හැබැයි සුද්දන්ට අනුන්ගේ රටවල් කොල්ලකන එක ගැන ගාණක් නැහැ. නිකන් කහින්න එපා. එංගලන්තයේ ඉගෙනගෙන අවුරුදු 07ක් හිටපු මම දන්නවා ඕහේ තත්වේ.

:       1       5

Suren FonsekaThursday, 11 March 2021 03:34 AM

බලන්න රජ පවුලට බනිනකොට මේ භද්‍රාණිට තියෙන අමාරුව... මෙන්න මේ වගේ අය නිසා තමයි මේ රට මේ තත්වයට පත්වුනේ... මේ රට විතරක් නෙමේ සුද්දගේ යටත් විජිත වෙලා තිබුණු කිසිම රටක් දියුණු වුනේ නෑ. ඔවුන් වැඩක් නැති නීති පද්ධතියකුයි, යටහත් මානසිකත්වයක් තියෙන බද්‍රානි වගේ පිරිසකට බලයයි දීලා ගියා. රට හදන්න ඕනකම තියෙන කෙනෙක් හිටියත් පොඩි තැනදීම ඔවුන් මරලා පොඩිකරලා දානවා. රජ පවුලේ එකෙක් කියනවා රජ සෙට් එකේ ජාතිවාදී, පහත් ගතිය. ඒ වුණාට ලංකාවේ ඉපදිලා වෙන රටක වහල්කම් කරන කෙනෙක් කියනවා අපෝ රජ පවුල එහෙම නෑලු.

:       1       5

බද්රානිThursday, 11 March 2021 05:14 PM

සුරේන්ට සිංහල කියවන්න පුළුවන්ද? අඩුම තරමේ පහේ පන්තියටවත් ඉගෙනගෙන තිබුණා නම්, මම ලියා තියන දේ වැටහෙන්න තිබුණා. මම මෙතන පලකල සියලුම අදහස් ටික ලියා ඇත්තේ බකිංහැම් මාලිගාව ගැන නොවෙයි, එංගලන්තයේ වෙසෙන සුදු ජනතාව ගැන හා එංගලන්ත රජය එරට වෙසෙන සියලුම ජනතාවට ලබාදෙන ප්‍රතිලාභ ගැනයි. කුඩා දරුවන් වැඩිපුර සිටින හා අඩු ආදායම් ඇති පවුල් ඇතුළු ආබාධිත අයට එරට රජය ලබාදෙන විශේෂ වරප්‍රසාද ගැන කොහෙද මේ ලංකාවේ වෙසෙන ගෝත්‍රිකයෝ දන්නේ? අර මෙතන එංගලන්තයේ අවුරුදු හතක් ඉගෙන ගත්තයි කියා බොරු පම්පෝරි ගහන පුද්ගලයා සමහර විට, එංගලන්තයේ තියන ඉන්දියන් රෙස්ටුරන්ට් එකක පිඟන් සෝදා ලබපු ඉගෙන ගැන්ම ගැන වෙන්න ඇති ඒ කියන්නේ? "ගහ දන්නා අපිට කොළ කඩා පාන්නේ නැතිව"ඉන්න හලෝ..!!! 

:       2       2

Perera Tuesday, 09 March 2021 05:51 PM

මෙයා රජ පවුලේ ජිවිතේ ගැන දන්නේ නැතුවද රජ පවුලට බැඳුනේ?

:       2       4

Asela Friday, 12 March 2021 04:23 AM

තම ආදරණීය පෙම්වතිය, බිරිඳ, දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ සතුට නිදහස වෙනුවෙන් විශිෂ්ඨතම කැපකිරීම කළ මිනිසා ඔහුයි. මෙවන් කැපකිරීමක් කළ මිනිසෙකු මා අසා නැති තරම්...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 878 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 563 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2338 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2317 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 244 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2736 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site