(නිමන්ති රණසිංහ)
ජනාධිපති ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා ලෙස පෙනී සිටිමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ‘මෝටර් රථ පරීක්ෂක තනතුරක්’ ලබා දෙන ලෙසට බලපෑම් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයෙකු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියෝග කළාය
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දණ්ඩයාගම, කුලියාපිටිය පදිංචි අමරනායකගේ අභිත සවිඳු අමරනායක නැමැත්තාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා විසිනි.
මෙම සැකකරු ඉකුත් 17 වැනිදා ජනාධිපති ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් මෝටර් රථ පරීක්ෂක තනතුර සම්බන්ධයෙන් වන පරීක්ෂනවල අක්‍රමිකතා සිදුව ඇති බවත් සියලු සුදුසුකම් සපුරා ඇති අමරනායක යන අයට එම පත්වීම සකස් කර ඊට අදාළ පත්වීම් ලිපිය නිකුත් කරන ලෙසත් පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
රජයේ සේවකයකු ලෙස පෙනී සිටීම, රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම, අන් අයකු ලෙස පෙනී සිටිම, වංචා කිරීම යන වැරදි සිදුකර ඇති මෙම සැකකරු ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 398, 404 සහ 183 වගන්ති ප්‍රකාරව දඩුවම් ලැබිය යුතු බවට සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට බලපෑම් කළ සැකකරු යළි රිමාන්ඩ්