(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අත්හිටුවා තිබූ සෙසු සේවාවන් ද ලබන සඳුදා (4 වැනිදා) සිට ආරම්භ කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.ඩී. අල්විස් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම සේවාවන් සඳුදා ආරම්භ කළ ද ඒ සඳහා වන දිනයන් සහ වේලාවන් වෙන්කරගැනීම් ලබන සිකුරාදා (1 වැනිදා) සිට ක්‍රියාත්මක වන බවත් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිරෝධායන ඇඳිරිනීති සමයේ සීමිත සේවා යටතේ විදේශගත වන පුද්ගලයන්ට අත්‍යවශ්‍ය රියදුරු බලපත්‍ර දුරකථවලින් දිනය සහ වේලාවෙ වෙන්කරගැනීමේ ක්‍රමය යටතේ ද, ලීසිං සමාගම් සමඟ සම්බන්ධව වාහන ලියාපදිංචි කිරීමේ සේවා ද, සැපයීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුදා සිට ගැහිල්ල නැවත පටන් ගනු ලැබේ