
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයේදී අද සවස මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන නිවසක් ඉදිරිපිටට පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ ඉන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල නැරඹීම සඳහා මාතර සිට පැමිණි සිව්දෙනකු ගෙන් තිදෙනකු මෙසේ තුවාල ලබා තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ මාතර පදිංචි 23 හැවිරිදි තරුණයන් තිදෙනෙකි.
දියඇල්ල නරඹා ආපසු මාතර බලා එමින් සිටියදී හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයේ දී මෝටර් රථය පාරෙන් ඉවතට පැන නිවසක මිදුලට පෙරළී උඩුයටිකුරු වී තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd