(ඩයනා උදයංගනී)
කතෝලික පූජා ප්‍රසාදිතුමකු සහ රදගුරුතුමකු වශයෙන් තමන්ගේ අරමුණ හුදෙක් අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණක් බවත් තමන්ගේ එකම දේශපාලනය වන්නේ දෙවියන් වහන්සේට හා ජනතාවට සේවය කිරීම පමණක් බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
දේශපාලන න්‍යාය ධර්මයන් ඉස්මතු කිරීමේ, කිසියම් පක්‍ෂයකට සහයදීමේ හෝ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත්වීමේ කිසිදු අභිලාෂයක් තමන්ට නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.
මේ රටේ දැනට උද්ගතව ඇති තත්ත්වය සඳහා තමන් වෙත දේශපාලන වගකීම් පැවරීම සුදුසු යයි විවිධ පුද්ගලයන් කියතත් තමන් ඒ සම්බන්ධයෙන් මවිතයට මෙන්ම කණගාටුවට පත්වන බවද උන්වහන්සේ කියති.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ නමින් හා අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඩ්මන්ඞ් තිලකරත්න පියතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

COMMENTS
අපි නොදන්න මොනරතැන්න...
අනේ බෞද්ධ අපටත් ඔබතුමන් වන් නායකයෙක් සිටියා නම් ?!
දැන් නම් කතාව සැහෙන්න වැඩියි.
ජේ ආර් කිව්වා වගේ ඔබ පල්ලිය බලා ගන්න...... අපි රට බලාගන්නම් කියලා කියන්න එකෙක් නැති එකේ කරුමය තමයි මේ ඕනැවට වඩා රඟ දෙන්නේ !
මෙච්චර විනාශයක් වුනාට පස්සේ, මේ කතාකරන විදියටම බෞද්ධ හිමිවරු සමග එකතුවී කලින්ම ආණ්ඩුවට පීඩනයක් එල්ල කළා නම් මේ වාතාවරණය ටිකක් හරි වෙනස් වෙන්න තිබුණා කියලා මම කල්පනා කරනවා. අපි වැඩිය වැදගත් වෙන්න ගියාමත් නහයට උඩින් වතුර යනවා අපිට නොදැනීම. මම හිතන්නේ තමන්ගේ වර්ගයාට හෝ තමන්ගේ කොටසට පහර වැදුනම තමයි කාට කටත් ඇස් ඇරෙන්නේ...