(නිශාන්ත කුමාර)
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ වෙන්දේසියාය මහා වංගුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 55 ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කන්දකැටිය පොලිසිය පැවසීය.
තුවාල ලැබූ පිරිස මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු දහයක පාසල් ශිෂ්‍යාවක් හා බස් රථයේ රියදුරාද වන බව පොලිසිය කීය.
අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් ගමන් ගෙන ඇති බව පොලිසිය පැවැසීය.
කඳු සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථය එක් වරම පසු පසට ධාවනය වී ප්‍රපාතයකට පෙරැළි ගොස් ගසක සිරවීමෙන් අනතුර සිදු වූ බව බස් රථයේ ගමන් ගත් මගීහු පැවසූහ.
බස්රථයේ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවීමට තිබූ මහා විනාශයක් වළක්වා ගත් බව බස් රථයේ ගමන් ගත් මගීහු කියා සිටියහ.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් එන්.පී සමරවික්‍රම මහත්මිය , කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම් සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක්ද අනතුර සිදුවූ ස්ථානයට පැමිණ සිටියහ.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගහකිවුල පිටමාරුවේ දී බස් රථයක් අගලකට පෙරැළෙයි