විවාහ මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 150 සීමාවේ සිට 50 දක්වා  සංශෝධනය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග විද්‍යා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

කොවිඩ් - 19 වයිරසයේ නව ප්‍රභේදය රටපුරා සම්ප්‍රේෂණය වීම හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

පොදු උත්සව, අවමඟුල් සහ රාත්‍රී සමාජශාලා  වලට යා හැකි සංඛ්‍යාව යළිත් සංශෝධනය කර තිබෙන බවයි.