(චමිල් රූපසිංහ)
ඩයස් පෝරාව ඇතුළු බලවේග වල වුවමනාව මත මංගල සමරවීර ඇතුළු කිහිපදෙනෙකුට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමේ අවශ්‍යතාවයක් ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අද (05) වත්තේගම පැවැති ජනහමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙවැනි පනතකට අත එසවිය හැක්කේ ඩයස්පෝරාවේ රූකඩ ලෙස කටයුතු කරන දේශපාලනඥයින්ට පමණක් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉවහල් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බවත් කිසි ලෙසකින් පරාජය කළ නොහැකි බවට ජත්‍යන්තරය පවා ප්‍රකාශ කර තිබියදී තිස් වසරක සාපයෙන් රට මුදා ගනිමින් කළ කටයුත්තේ කිසිඳු වරදක් තමන් නොදකින බවත් අමාත්‍යවරයා කීය.
අන්තාවාදී කණ්ඩායම් වල බලපෑමකින් තොරව රට ඉදිරියට ගෙන යෑම පිණිස පාර්ලිමේන්තු මැතිවරණයේදී හොඳ තීරණයක් ගන්නා ලෙස තමන් නිතර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම හේතූ නිසා බවත් ඇමැතිවරයා පැවසුවේය.
කිසිවෙකු හෝ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කඩවීම සම්බන්ධව හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
"කිසිවෙකු හෝ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කඩවීම සම්බන්ධව හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය". ඉස්සර එක ඇමතියෙක් කිව්වලු "දැන් බලන්න, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොයි තරම් ඉහළද? ඕනෑම හිඟන්නෙකුට වුණත් මහමන්දිරයක් අයිති කරගන්න නිදහස තියෙනවා. ඕනෑම කෝටිපතියෙකුට පැල්පතක වුණත් නිදා ගන්න අයිතිය තියෙනවා". යකෝ, බැලුවහම ඇත්තනේ...
මේ ඒ කියන්නේ මංගල ඇතුළු කීප දෙනෙකුත් ගන්න වෙයි නේ...
කියවන්නේ නැතිව වැඩක් කරලා පෙන්වන්න. අනුන්ගේ කටයුතු විවේචනය කරන එක... තමන් දන්නා දෙයක් නැහැ කියන එකයි.
දැන් කරන්න තියෙන්නේ මංගල ගැනවත් ප්‍රතිතස්ථ පනත ගැනවත් මුමුණන එක නොවෙයි. තමුන්ට ලැබුණු ජන වරමින් මහ මැතිවරණය සාර්ථකව ජයගෙන මේ පනත සහ 19 සංශෝධනයට අදාළ අහිතකර දෑ සංශෝධනය කිරීමයි.