IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


මීගමුවේ ජේලර්ලාට සැඟවෙන්න උදව් කළ අය සොයයි

 

(මනෝප්‍රිය ගුණසේකර)

 

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනාට සැඟවී සිටීමට රැකවරණ සැපයු පුද්ගලයින් කවුරුන්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනය කොට වාර්තා කරන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට අද (6) උපදෙස් දුන්නේය.

වරෙන්තු නිකුත් කළ කාලසීමාව තුලදී සැකකරුවන්ගේ ජංගම දුරකථන වාර්තා විශ්ලේෂණය කර ඔවුන්ට රැකවරණ සැපයු අය සොයා ගැනීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මීට කරුණට අමතරව තවත් කරුණු හතරක් පිළිබඳවද විමර්ශන කර වාර්තා කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පත්වරයාට උපදෙස් දුන් බවද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මීගමු බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ, එහි ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනාට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කළ වරෙන්තු වහාම ක්‍රියාත්මක නොකිරීමට හේතූ ඉදිරිපත් කරන ලෙස වැබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති නීතීපතිවරයා මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත්තාද? නැත්නම් ඔහු පොලිසියට බාරවුණාද? යන්න පිළිබඳව වාර්තා කරන ලෙසද උපදෙස් දී ඇත.

මීගමුව බන්ධනාගාරයේ තිබී සොයා ගත් තහනම් භාණ්ඩ අතර තිබු සංවේදී ඉලෙක්ට්‍රොනික් තරාදිය භාවිතා කරමින් බන්ධනාගාර නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇද්ද? මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දී ඇද්ද? යන්න පිළිබඳ විමර්ශනය කොට වාර්තා කරන ලෙස වැඩ බලන පොලිස්පත්වරයාට උපදෙස් දී ඇති නීතීපතිවරයා සැකකාර නිලධාරීන්ගේ අනාවරණය වන වත්කම් අනුව ඔවුන් මුදල් විශූද්ධීකරණ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇද්ද? යන්න පිළිබඳව වාර්තා කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් දී ඇත.



අදහස් (4)

මීගමුවේ ජේලර්ලාට සැඟවෙන්න උදව් කළ අය සොයයි

kamal Thursday, 06 August 2020 10:18 AM

රවීව අත්අඩංගුවට ගන්න කියනකොට සැඟවිලා හිටියේ නැතිව ඇති...

:       0       0

සෙනෙවිරත්න Thursday, 06 August 2020 12:37 PM

අයියෝ මේවා මේ විදියට සිද්ධ⁣වුණා නම් අහිංසක මිනිස්සුන්ට කාගේ පිහිටක්ද? මොකක්ද මේ කතා කරන මහලොකු සිංහල ජාතිය, 2500ක ඉතිහාස පුරාජේරුව..

:       2       21

විජිත් Thursday, 06 August 2020 02:15 PM

ඔය නෂ්ටයෝ බ්‍රෂ්ටයෝ ඔක්කොම හංගගෙන හිටියේ ජොනී. පුලුවන්නම් ගිහින් ජොනියාව අල්ලගන්න බලන්න. ජොනියාව දැක්ක ගමන් පොලිසියේ ලොකුම රාළහාමිත් වෙව්ලනවා. හැබැයි අහිංසකයෙක් බිම වැටිලා තියෙන පොල්ගෙඩියක් අහුලගත්තොත් ඒකාව පොලිසියට අරගෙන ගිහින් ඒකාට නෙලන්න ලොකු රාලහාමි හරි දක්ෂයා.

:       12       76

Bamunuarachchi Friday, 07 August 2020 02:04 AM

සොය සොයා යන්න දෙයක් නැහැ... පොලිසියට බාරදීලා දෙකක් ඇන්න ගමන් කියාවි කවුද උදව් කළේ, කොහේද හැංගිලා හිටියේ කියලා...?

:       12       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 590 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 811 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 343 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site