IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාගංතොට වෙඩි තැබුමට සම්බන්ධ අයෙක් රිමාන්ඩ්

(ක.ග.කරුණාරත්න)

මනම්පිටිය මාගංතොට ප‍්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට තැත්කළ බව කියන අයෙකු පොලොන්නරුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වෙනි දින දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙසට පොලොන්නරුව මහේස්ත‍්‍රාත් අසේලද සිල්වා මහතා අද(23) නියෝග කලේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ මනම්පිටිය,මාගස්තොට පදිංචි ගමගේ ජානක සංජය යන අයයි.

මනම්පිටිය මාගස්තොට ප‍්‍රදේශයේදී සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ ආරවුලක් ඇතිකර ගෙන මෙම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසුව පොලීසිය මඟහරිමින් සිටියදී අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

පොලොන්නරුව පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ පොලිස් කණ්ඩායමක් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.



අදහස් (0)

මාගංතොට වෙඩි තැබුමට සම්බන්ධ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site