
(ජයන්ත සමරකෝන්)
ශල්‍ය මුඛ ආවාරණ තොගයක් පිටකොටුව 4 වන හරස් වීදියේ වෙළඳසැලක ඉහළ මාලයේ විවෘත භූමියක දමා වියළූ බවට වරද පිළිගත් වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් 20,000ක දඩ මුදලක් අද(11) මාළිඟාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියම කළේය.
එක් වෙළෙන්දෙකුට රුපියල් 10,000 බැගින් මෙම දඩ මුදල නියම කෙරිණි.
මෙසේ දඩ නියම වූයේ, කොළඹ 12 සහ 15 යන කලාපවල පදිංචි වෙළෙඳුන් දෙදෙනකුටය.
පිටකොටුව පොලිසියට හා කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු පැමිණිල්ලක් අනුව, මෙම මුඛ ආවරණ තොගය හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී ශල්‍ය මුඛ ආවරණ 2575ක් හා ඉහළ වටිනාකමින් යුතු ශල්‍ය මුඛ ආවරණ 553ක් ද තිබී ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 263 දරන වගන්තිය යටතේ කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එම්. බී. ලාල් කුමාර හා එච්.එම්.ටී. හේරත් යන මහත්වරුන් විසින් මෙම නඩුව පවරා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd