(ඩී.ජී.සුගතපාල)
මුණ ආවරණ නොමැතිව නිරෝධායන නීති රීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයකට සහභාගි වීම සම්බන්ධයෙන් වරද පිළිගත් 10දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (01) එක් අයෙකුට රුපියල් 5,000 බැගින් රුපියල් 50,000ක දඩ නියම කළේය.
මෙසේ දඩ නියමවු දස දෙනා අතර කාන්තාවෝ තිදෙනෙක් ද වෙති.
උණවටුන ඉලුක්පිටිය ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට මෙම පිරිස මුඛ ආවරණ නොමැතිව සහභාගි වී මත්පැන් පානය කරමින් අලුයම වනතෙක් සාදයක් පවත්වමින් සිටින බවට ලැබුණු තොරතුරක් අනුව හබරාදුව පොලිස් ස්ථානයේ නිලධාරින් ගොස් නඩු පවරා ඇත.
හබරාදුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක විමල් ප්‍රේමවංශ මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
COMMENTS