මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයා අද (05) ඩුබාහි හෝටලයකදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඔහු සමඟ තවත් පාතාල නායකයින් 4 දෙනකු මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර ලංකාවේ ජනප්‍රිය ගායකයකුද සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ අතර තවත් පුද්ගලයින් 20 දෙනකු පමණ සිටින බවද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංච් මාර්ග පවසයි.
(36698)

COMMENTS
ඔය ජනප්‍රිය කිව්වට ජීවිතේට නම අහල නැති ගායකයෙක් වෙන්න ඇති.
මුළු රටම විමසිල්ලෙන් හිටපු අපරාධකාරයෙක් කොටු වුනා. ආරක්ෂක අංශ ඉතාමත් පරික්ෂාකාරීව මොහුව ලංකාවට කුදලාගෙන පැමිනිය යුතුයි. එමෙන්ම සුපුරුදු පරිදි දේශපාලන බලපෑම් ඇතිවෙන්නත් බොහෝ දුරට පුළුවන්. මොහුට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක වනු ඇතැයි මුළු රටම අවධානයෙන්...
මත්ද්‍රව්‍ය එක්ක අත්අඩංගුවට ගත්තා නම් එහේ නීතියම ක්‍රියාත්මක කලා නම් ඉවරයි. ලංකාවට ගෙනත් අවුරුදු 25-30 නඩු අහන එක තේරුමක් නෑ නේ
වෙන මනුස්සයෙක් ද දන්නේ නෑ !
කව්ද මේ ජනප්‍රිය ගායකයා?
පලවෙනි එල්ලා මැරීම. සති දෙකෙන් කරන්න
කොකේන් එක්ක අහුවුනානම් එහෙ මරණ දඬුවම අනිවාර්යයි, මෙහෙට ගෙන්නගන්න දඟලන්න එපා
ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි.
මෙයාටත් අපේ නීතිඥ මහත්තුරු ඇප ඉල්ලයිද දන්නේ නැහැ. මධුෂ්ට හොඳට සල්ලිත් ඇතිනේ.
ලංකාවට ගෙන්නගත්තේ නැතිනම් හරි එහෙම නඩු අහලා එහෙම දඩුවම් දිපුදෙන්.
මේ අයව වහාම ආයුධ පෙන්නන්න අරන් යන්න.
ලංකාවට එක්කන් ඇවිල්ලා නිදහස් කරාවි.
ඔහේදී සද්ද බද්ද දාලා අල්ලාගත්තු මිග් යානා ගනුදෙනුකාරයෙක් දැන් වෙනකොට ආ ගිය අතක් නැහැ. මෙයාටත් ඒකම වෙයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ.
මාසෙන්
අද බොහෝ ගායකයින් වේදිකාවේ හැසිරෙන ආකාරය දුටු විට ඔවුන් මත්ද්‍රව්‍ය බාවිතා කරනවද යන්න පුදුමයක් නොවේ.
මෙහාට එව්වොත් අපේ නීතිඥ සංගමය මෙයාලට ඇප දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ.
දැන් ඉතින් මෙයාව මෙහෙ ඉල්ලන්න එපා මොකද ලංකාවට ආවොත් මෙයාට ආරක්ෂාව ආණ්ඩුවෙන් දෙයි. පුළුවන් නම් කටින් විස්තර එළිකර ගන්න තිබුන නම් ඇති..
සතුටු දායක පුවතක් වගේම අපගේ ආරක්ෂක අංශ වලට ස්තූතියි.අද මොනවා වැඩි කරයිද දන්නේ නෑ.නැත්නම් 19 ව්‍යවස්ථාව සම්මත කර ගනිද දන්නේ නෑ.
කොහොම හරි අත්අඩංගුවට ගන්න ඕනෙම කෙනෙක් යන්න නම් දෙන්න හොද නැහැ
ගායකයාගේ දුරකථන පරීක්ෂාවක් කලොත් ගොඩක් හුණු තියන කිල්ලෝට සොයා ගත හැකිවේවි.
මම අවුරුදු 10ක් ඉන්නේ ඩුබායි. සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග නම් අහු වෙලා තියන්නේ අනිවාර්යෙන් මස තුන හතරකින් මවු රටට පිටුවහල් කරන එක තමයි කරන්නේ. වෙන අපරාදයකට සම්බන්ද නැතිනම් හැබැයි. ලංකාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කලොත් සමහර විට ඊට කලින් ගන්න පුළුවන් වේවි. ඩුබායි වල මත් ද්‍රව්‍ය ලග තබා ගැනීම් වලට එල්ලලා මරන්නේ නම් හරිම කලාතුරකින්.
ගායකයෙකුත් මෙතන හිටිය නිසා, හොඳ බයිලා ටිකක් අහන්න ලැබෙයි වගේ
සතුටුයි.
කටුනායකින් එලියට එනවත් එක්කම මෙයාව බේරගන්න සියල්ල සුදානම් කරලා ඇති.
ඩුබායි රටේ නීතිය අනුව එහෙදී නඩු අහලා එහෙදීම දඬුවම් දුන්නනම් නේද හොඳ? ඒ සඳහා අපේ රටෙන් දිය යුතු සහයෝගයක් ඇත්නම් එය වහාම ලබා දීම අපේ රජයේ යුතුකමක්.
මාකඳුරේ මදුෂ් නැමැත්තා අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ පියාගේ මරණ ගෙදරට සහභාගිවූ සමහර දේශපාලඥයින් තැතිගෙන ඇති බව අන්තර් ජාල වාර්තාවක පලවී තිබෙනු දුටුවා.
ඩුබායි වලම දඬුවම් දෙන්න ඕනේ ලංකාවට ගෙනල්ලා අපේ බදු මුදල්වලින්ම කන්ඩ දෙන්න ඕනනේ
ලංකාවට ගෙනාවොත් තියෙන සාක්ෂි මදි ඔප්පු කරන්න වැරදිකරුවෙක් කියලා. මුදල් යහමින් තිබෙන ප්‍රභූ ආශ්‍රය නිසා ජනාදිපති නිතිඥයන් ඉදිරිපත් වෙයි ඇප අරන් දෙන්න. මෙයා අහිංසකයි කියයි, පළාත් සභා ඡන්දෙත් ලගම එනවා. මෙයාට ඉල්ලුම වැඩිවෙනවා අපි බලමු ජනාධිපති මොකද කියන්නේ කියලා.
අපි නම් එහෙම දෙයක් ගැන අහලා නැහැ. කෙසේ වෙතත් ඔහුට රැකවරණය නම් ලංකාවේ දේශපාලකයන්ගෙන් ලැබෙනු ඇත
ශ්‍රී ලංකා රජය හෝ පොලිසිය මොවුන් සියලු දෙනා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකරනු ඇතැයි අපේක්ෂා කරමු. කුමක් නිසාද යත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දඬුවම් දීමට රජයට හා පොලිසියට හැබෑ ඕනෑකමක් තිබුනත් ලක්මව තුල එය කිරීමට බැරි නිසා. කෙසේ වුනත් රිසාන් බේරා ගැනීමට කටයුතු නොකළ ලක් රජය මේ සම්බන්ධයෙන් කරන්නේ කුමක් දැයි අපි බලා සිටිමු.
මෙහි අදහස් පලකරලා තියෙන ඒවා දිහා බැලුවම අපේ නීතිඥ මහත්තුරුන්ගේ සහ දේශපාලකයින්ගේ විශ්වාසය සහ පරිහානිය හොදට පේනවා
ඇයි ඉක්මනට ලංකාවට ගෙන්න කියලා සමහරු කියන්නේ. නිදොස්කොට නිදහස් කරන්නද.
ඔය ජනප්‍රිය අය තමයි කුඩු පාවිච්චි කරන්නේ
මෙය ඉතා හොද දෙයක්. ලංකාවේ ආරක්ෂක අංශවල හැකියාව නිසා තම මොහුව ඩුබායි වලදී අත් අඩංගුවට ගන්නේ. එහෙම නැතුව ඩුබායි වගේ පොඩි රටක මොහු ඉන්න බව ඩුබායි පොලිසිය දන්නේ නැද්ද. කෙසේ නමුත් සමාජයට වැදගත් පණිවිඩයක් යනවා.. වැරදි කරලා, කොහේ හිටියත් දඩුවම් විදින්න වෙනවමයි. නීතියෙන් ගැලවීමක් නැහැ. මේ විදියටම දුෂිත දේශපාලකයන්ටත් දඩුවම් ලැබුනොත් මේ රටේ ප්‍රශ්න වලින් බොහොමයක් විසදෙනවා.. සැමට සාධාරණ නීතිය ඇති වුන දාට අපේ රට ලෝකයේ ඉහලම රටක් වෙනවා..
මේ සැම පවසන එකම අදහස ලංකා අධිකරණය දුරුවලයයි, එහි සිදුරු පවතී, ලබා දෙන තීන්දු පක්‍ෂග්‍රාහී බව නොවේ ද?
ලංකාවට ගේන්නනම් එපා එහෙම වුණොත්, අල්ලා ගෙන ලංතාවට ගෙනාපු නිලධාරීන් ටිකටයි දඩුවම් ලැබෙන්නේ.
අප බොහෝ අවස්තාවලදී කුඩ්ඩන් පාතාලයන්ට එරෙහිව නොබියව අපගේ හඬ අවධි කළා.ඒ අපගේ රට ජාතිය වෙනුවෙන් අප යුතුකම ඉටුකිරීමටයි.ලතීෆ් මහතා ඇතුළු මේ වෙනුවෙන් කැපවූ සියලු නිලධාරීන්ටත්,සියලුමදෙනාටත් අනේක වාරයක් ස්තුතියි.නීතියේ දැලට හසුවූ අපරාධකරුවන්ට ඉහලම දඬුවම් හිමිවිය යුතුයි.ලතීෆ් මහතාගේ සේවා දිගුවට කැබිනට් මණ්ඩලයට ස්තුතියි.මදුෂ් හා සම්බන්ධ දේශපාලකයන් කලබල වී ඇතිබව ආරංචියි.ඔවුන් ගැන මදුෂ් ඇතුළු පාතාලයන්ගෙන් තොරතුරු ගෙන ඔවුන්ටද නිසි දඬුවම් දිය යුතුයි.හෙලිකොප්ටරයෙන් ගොස් කුඩුකාරයෙක් බේරාගත්තේ යයි කියනු ලබන කෙනෙකු බිය ජනක මුහුණක් සහිතව මොනවාදෝ මුමුණනු පෙනුනා.මේවා ගැනද වහාම සෙවිය යුතුයි.ජනපති සහ ගෝඨාභය ඝාතන තැත ගැන නාමල් කුමාර කියනා පරිදි මදුෂ් සම්බන්ධ දැයි සොයා බැලිය යුතුයි.
නරක මිතුරන් ආශ්‍රය කිරීමත් වරදක්. 'අසේවනාච බාලානං' කුප්‍රකට පාතාල නායකයකු බව දැන දැනම ඒ උපන්දින සාදයට තාත්තල පුතාල සහභාගිවීමේ හේතුව මක්වුනත්, මේ කාලකන්නි සෙට් එකට ආපහු මේ රටේ පස් පාගන්න ඉඩ නොලැබේවායි ප්‍රර්ථනා කරමු.
නඩු කල් දමන මග. ගෝටා අල්ලන රොමේෂ් දී සිල්වා අල්ලපුවම ඔහු කියනවා අදිකරණයට නඩු ඇසීමට බලයක් නැති බව.
මුලින් එහේ නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න..... ඉතිරි වන අයට ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න...
ලංකාවට ගෙනත් මොහුව පුනරුත්ථාපන කඳවුරකට ඉදිරිපත් කර පුනරුත්ථාපනය කර සමාජයේ යහපත් පුද්ගලයෙකු ලෙස ජීවත් වන්නට ඉඩ හරිමු.
මට කණගාටු අර මැරිච්ච තාත්තා ගැන එතුමා නිහඬ සේවයක් සංගීතයට කළා. නමුත් ඒ කාලේ " දිලිසුන" ගායකයෝ හින්දා එයාව ඇගයීමකට ලක් වුනේ නැහැ. එ්ක මේ රටේ අදත් සිද්ද වෙනවා ලක්ෂ්මන් විජේසේකරලා, ආත්මා ලියනගේලා, රූකාන්තලා වගේ අය අපි අහක දමලා තියෙන්නේ..
ලංකාවට ගෙන්වන්නේ පූර්ණ ආරක්ෂාව ලබාදීමටයි.. මේ රටේදී මත්ද්‍රව්‍ය සමග අසු වුනොත් අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලැබෙනවා. මේ සඳහා ලාංකික බමුණු උපදෙස් පුවත් පත් විවේචන අදහස් , අවසරය නීති උපදෙස්, කිසිවිටෙකත් ලබා නොගනී. මේ රටේ නීතිය රජ තුමන්ටත් එක හා සමනයි.
බැංකු ණය අරන් මේ රටෙන් පැනපු දහස් ගාණක් ලක් රජයෙන් නැවත බාර නොදේ... එසේම මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන අසු වුණොත් මේ රටෙන් කිසිවිටෙකත් නිදහස් නොකරනවා ඇත. ජනපති, අගමැති ඉල්ලුවත් එය සිදුනොවේවි.. මේ රටේ නීතියේ ආධිපත්‍ය කිසිවිටෙකත් වෙනස් නොවේ.. මේක මැද පෙරදිග මුස්ලිම් රජයක් තිබෙන්නේ, මෙය ලංකාව නොවේ ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, පාකිස්ථානයද නොවේ. දේශපාලකයින්ට අවශ්‍ය විදිහට නීතිහදන වෙනස්වන අමුතුම රටකි, අප ජීවත්වෙන ලංකාව..
මාකඳුරේ මදුෂ් මහතාට ඉක්මණින් නිදහස පතමි. සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පැතුමකි..
මැතිවරණ කොමසාරිස්ගෙන් ජනපතිවරණයට පෙර නිදහස් කර දෙන ලෙස ඉල්ලමි...