
(ක.ග. කරුණාරත්න)
භාවිතා කරන ලද කොරෝනා ඇඳුම් කට්ටල රැසක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දමා ගොස් තිබියදී අද (10) හමුවූ බව උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා පැවැසීය.
කොරෝනා රෝගීන් සහ ඔවුන්ට සෞඛ්‍ය සේවා සපයන කාර්ය මණ්ඩල විසින් පරිහරණය කරනු ලබන ඇදුම් කට්ටල පාවිච්චියෙන් පසුව විනාශ නොකර, මින්නේරිය ජාතික වනෝද්‍යානයට බැහැර කිරීම වන සතුන්ද අනතුරේ හෙළීමක් බවද ඒ මහතා කීය.
එම නිසා සෞඛ්‍යාරක්‍ෂිත නොවන ලෙස එම ඇඳුම් කට්ටල වනෝද්‍යානයට බැහැර නොකරන ලෙස ඒ මහතා අදාල සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් හබරණ පොලොන්නරුව ප‍්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 14ක් දිනපතා පිරිසිදු කරන බවත්, පොලීතීන් සහ වෙනත් කැලිකසල ආදියට අමතරව සෞඛ්‍යාරක්‍ෂිත නොවන මෙවැනි සායනික අපද්‍රව්‍ය වනෝද්‍යානයට බැහැර කිරීම අවධානම් බවද මඩුගල්ල මහතා පෙන්වා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා මිනී වළදාන්න වියළිකලාපයට පුළුවන් නම්, ඔවා කැලයට විසි කළාම මොකද වෙන්නේ?
ශාකසාර ඛෙහෙත් බොන්න මිනිස්සුන්ට අවසර නැද්ද?