IMG-LOGO

බෝ අත්තක් කඩා වැටී පෙරපාසල් දරුවන් 15කට තුවාල

(පුෂ්පකුමාර ජයරත්න)
 
නාරම්මල පහමුණේ ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි බෝධියක් අසළ අද(12) සිල් සමාදන්වීමේ නිරතව සිටි පෙර පාසලක දරුවන් පිරිසක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් දරුවන් 15 දෙනෙකු තුවාල ලබා ඇත.

පෙර පාසල් දරුවන් පෙර පාසල් පාලිකාව සහ දෙමාපියන් සමඟ සිල් සමාදන්වීමේ යෙදී සිටියදී මෙම අනතුරට ලක් වූ බව මව්පියවරු පැවසූහ.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දරුවන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 

තුවාල ලැබූ අනෙක් දරුවන් නාරම්මල දිසා රෝහලට ඇතුළත් කර සිටින අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබා රොහලෙන් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

බෝ අත්ත කඩා වැටුණු අවස්ථාවේ දරුවන් බේරාගැනීමට ඉදිරිපත් වූ මවුවරු දෙදෙනෙක්ද සුළු තුවාල ලබා සිටිති.

මෙය වසර 100ක් පමණ ඉපැරණි බෝ ගහක් බවද එය පෙර පාසලට මීටර් දෙසීයක් පමණ ආසන්නයේ තිබෙන බවද මව්පියවරු පවසති.

 



අදහස් (11)

බෝ අත්තක් කඩා වැටී පෙරපාසල් දරුවන් 15කට තුවාල

දිමුත් Wednesday, 12 June 2019 10:29 AM

බෝ ගහට වැන්දට මොකෝ එයත් තවත් අචේතනික වස්තුවක් පමණයි කියා මෙයින්වත් තේරුම් ගනිත්වා. ළමයි සියලු දෙනා ඉක්මනින් නීරෝගී වේවා!

:       15       10

Gery Wednesday, 12 June 2019 10:42 AM

චූටි පැටියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

:       0       16

Sl Wednesday, 12 June 2019 11:24 AM

ඉක්මන් සුවයපතමු අපේ ළමුන්ට, මේක දෙවියන්ගේ සාපයක් කුරුණෑගලට..., කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලොක්කා විමලේගේ යාලුවා නේද ඉන්නේ පළමු පින්තුරේ..?

:       129       60

RaveendraWednesday, 12 June 2019 02:36 PM

විමලේගේ බැරිනම් මහසෝනාගේ නැත්නම්" මොන කලකන්නියගේ " යාළුවා වුණත් අපට නම් කිසිදු වැදගම්මක් නොමැත. අප අපේ මේ රත්තරන් දරු පැටවුන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

:       0       105

lanka Wednesday, 12 June 2019 12:51 PM

අපේ සංස්කෘතියට අනුව බෝධි වන්දනා කරත්, බුදුන් වහන්සේ ගස්, ගල් වලට වන්දනා කිරීම ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් නුවනට හුරු දෙය නම්, මෙවැනි ඉපැරණි අනාරක්ෂිත බෝ ගස් කපා ඉවත් කිරීමයි. එවැනි දෙයක් මේ ස්ථානයේ කලින් සිදු කර තිබුනා නම්, මේ පෙර පාසල් දරුවන්ට සිදුවුණා අනතුර වලක්වා ගන්නට තිබුනා.

:       146       241

ශාන් Wednesday, 12 June 2019 01:00 PM

බෝ රුක් මහිමය !!!

:       130       131

NIRMAL Wednesday, 12 June 2019 01:10 PM

බෝ ගසක් කඩා වැටීම බෞද්ධයන්ට අසුබ සංකේතයක්. ළමුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       43       36

Dayan Wednesday, 12 June 2019 01:31 PM

මේ දරු පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණ වේවා!

:       0       4

NUWAN Wednesday, 12 June 2019 06:36 PM

අනේ දුවේ පුතේ ඔබට බුදු සරණින් ඉක්මනින් සුව වෙන්න දරුවනේ

:       0       0

Siril Wednesday, 12 June 2019 08:35 PM

පොඩි දරුවන්ට මොන සිල් සමාදන්ද? තුන් දෙනෙකුට අසාධ්‍යයිලු. කව්ද මේවට වගකියන්නේ?

:       0       10

shafeek Thursday, 13 June 2019 04:22 AM

මේ දරු පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 253 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site