
(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (20) දිනයේදී මිලිමීටර 150 ඉක්මවූ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලට මෙම තද වැසි ඇතිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
අද උදෑසන කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉතා තද වැසි ඇතිවිය හැකි අතර ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පෙරවරු 8.30 සිට 11.30 දක්වා කාලයේදී මිලිමීටර 109 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.
මීට අමතරව ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 82 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ දෙපාර්තමේන්තුව වහලා දාලා ඒ සල්ලි ඉතුරු කරගත්තනම් හරි. වෙන රටක නම් පෙරේදා වෙනකොට කියලා අද ගංවතුර තර්ජනයක් ඇතිවෙන්න පුළුවන් නම්.