(ජේ.කේ.එල්.චාමින්ද)
හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ ලදු කැළැවක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවකු විසින් 11 හැවිරිදි පාසල් දැරියකට පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
අද (4) පස්වරුවේ දී මෙම පිහි ඇනුම සිදුවී ඇති බවත් පිහි ඇනුමෙන් තුවාල ලැබු සිසුවිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම සිසුවා හා සිසුවිය එගොඩගොඩ ප්‍රදේශයේ එක ළග පිහිටි නිවාස දෙකක පදිංචි වී සිටියි.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස් විමක් දුරදිග ගොස් සිසුවිය කෑගසා තිබේ. පසුව පාසල් සිසුවා විසින් සිසුවියගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පාසල් සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුගේ ජීවිතේ ලස්සනම කාලය පාසල් කාලය, අනේ ඒ ලස්සන කාලේ මේ දරුවන් මොන තරම් දරුණු ලෙස හැසිරෙන්නේද?
ප්‍රශ්නයක් නැහැ. මේ දකුණේ කට්ටියනේ.
එහෙම කියන්න එපා.. මාතර බෙලිඅත්ත ලංකාවේ දිගම බෝක්කුවත් දකුණු පළාත් සභාවට...
සේරටම කලින් හොයාලා බලන්න මේ දෙන්නා ගෙවල් දෙක එක ළඟ තියාගෙන බහින්බස් වෙන්න මොකටද ලඳු කැළෑවක් තුළට ගියේ කියලා...
දැන් කාලයේ දෙමව්පියන්ට ඕන දරුවන් උගතුන් කරන්න විතරයි. කිසිම ආචාර ධර්මයක් සදාචාරයක් නැතිවුණාට කමක් නැහැ. ළමයින්ව වැරදි කළාම දඬුවම් නැහැ. ගුරුවරුන්ට විරුද්ධව පොලිසි යනවා. නැති නම් ගුරුවරුන්ව දණ ගස්සනවා. ළමයාට ඉවසීම යහපත් සමාජ ධර්ම ඉගැන්වීමක් නැහැ. මොබයිල් ෆෝන් එකයි ලැප් ටොප් එකයි... ගැහැණු ළමයෙකුට නම් කොට ඇඳුම් ටිකකුයි අරන් දීලා යමන් පුතා කියලා රේස් එකේ යවනවා. මෙන්න ප්‍රතිඵල...!
දරුවා යනු දෙමව්පියන්ගේ කැඩපතක ඡායාරුවකි.
මේ සියලු දේ වලට දෙමාපියන් වගකිව යුතුයි. තම දරුවන් නිසි ආකාරයට යහමග යවලා හදන්න බැරිනම් ඇයි වැදුවේ? මේ සමාජ පරිහානියට වග කියන්න ඕන වෙන කවුද? අනෙක් අයට ඇඟිලි දික් කරන්න කලින් තමන්ගේ වැරදි හදාගන්න හුරුවෙන්න ඕනෑ. එහෙම වුණා නම් මේ සමාජ ගත වැරදි 100% නවතීවි.
දකුණේ ලොකු, පොඩි හැම එකා ලඟම හැමතිස්සේම උල් පිහියක් තියෙන්නේ කොහොමද?
තරගකාරී වටපිටාවත් සමග ගුණදහම් එන්න එන්නම පිරිහිලා ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලියෙන්ම. මේවට වගකිව යුත්තේ දෙමාපියෝද නැතිනම් ගොඩනැගෙන සමාජ වටපිටාවද?
ටෙලිඩ්‍රාමා, කාටූන් බලලා තමයි දරුවන් මේවට පුරුදු වෙන්නේ... එමනිසා අපේ දරුවන් මේවාවලින් ආරක්ෂා කළ යුතුයි.
දැන් අපේ රටත් සුද්දන්ගේ රටවල් ගානට වැටුණා.....ඇමරිකාව ගැන නම් කව්රුත් දන්නවනේ .එංගලන්තේ අවුරුද්දකට ළමයි 15 ක් ,20 ක් පිහියෙන් ඇනලා මරනවා