(නිමල කොඩිතුවක්කු)
සියලුම බස් සංගම් ඒකාබද්ධව ලබන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩව වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කොළඹදී අද(06) පැවසීය.
බස් කර්මාන්තය මුහුණ දෙන ගැටළුවලට රජයෙන් විසදුමක් නොලැබීම හේතුවෙන් සියලුම බස් රථ සංගම් ඒකාබද්ධව මෙම තීන්දුව ගත් බවද ඔහු සඳහන් කළේය.බස් රථ සංගම් නියෝජිතයන් නාරාහේන්පිටදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් සටහන්පත් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති බව ද ප්‍රියන්ජිත් මහතා එහිදී පැවසීය.
ලබන 15 වනදා වන විට මෙම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් 18 වන දා සිට අඛණ්ඩව බස් රථ වර්ජනයක නිරතවන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
දැන් අපි වැඩියෙන් බස් ගාස්තු ගෙවනවා මදිද?
පැය 12 ක් තුලදී මේ ප්‍රයිවට් මාෆියාව තහනම් කරලා බස් ඔක්කොම ජනසතුකරලා ලංගමට ගන්න බැරි ඇයි..? හේතුව අද බස් අයිතිකාරයින් වැඩිහරියක් හොර දේශපාලුවන් සහ ඔවුන්ගේ බත් බැලයන් නිසයි.
අනේ ඉතින් පාඩුම නම් ඇයි "අතින් කාලා හරක් බලන්නේ" ඔන්න ඔය පතෝල මැසි ටික පරණ යකඩවලට විකුණලා දාලා පිනක් දහමක් කරගෙන ඔන්න ඔහේ ඉන්නකෝ...
අපිට බස් කර්මාන්තය කරගෙන යාමට බැහැ. අපිට තව 50% ගාස්තු වැඩිවීමක් ඕනේ...
බස්වල යන්නේ අසරණ මිනිස්සු ස්ට්‍රයික් කරන්න මොකද බොරු ස්ට්‍රයික් ඔය...
ගාණත් වැඩියෙන් අරගෙන පතෝල ගෙනියනවා. තව මොකටද සහන? ඕන වර්ජනයක් කරගන්න කියන්න. බස් අඩු එකෙන් සෑහෙන්න ට්‍රැෆික් අඩුයි.