IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බස්-දුම්රිය ගැටීමකින් උතුරු දුම්රිය නවතී

(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද (11) උදෑසන බස් රථයක් ගැටීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු නැවතුණු අතර බස් රථයේ රියදුරු බරපතල තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කරම්බකම් මන්සංධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥාද නොසලකා හරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ රියදුරු පමණක් සිටි හෙයින් රියදුරු බරපතල තුවාල ලබා කොඩිකාමම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුලත්කර ඇත.

උත්තර දේවි දුම්රියේ බස් රථය ගැටීමෙන් පසුව මීටර් 50කට වැඩි ඈතක් බස් රථය දුම්රිය මාර්ගයේ ඇදී ගොස් ඇති අතර එහිදී බස් රථය සම්පූරණයෙන්ම විනාශ වූ අතරම උත්තර දේවී දුම්රියටද හානි සිදුවිය.

එහිදී දුම්රියේ තෙල් ටැංකියට හානි සිදු වී තෙල් කාන්දු වීමක් සිදු වූ අතර දුම්රිය ගමන්ද සම්පූරණයෙන්ම නැවතුණි.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු පලෙයි දුම්රිය ස්ථානය දක්වා සිදු කෙරෙන අතර හානි වූ උත්තර දේවී දුම්රිය පලෙයි දුම්රිය ස්ථානය දක්වා ඇදගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින අතරම ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවටද දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් කියා සිටියේය.



අදහස් (8)

බස්-දුම්රිය ගැටීමකින් උතුරු දුම්රිය නවතී

shanaka Saturday, 11 May 2019 05:49 AM

මොන හරක් වැඩක්ද? පොඩි දෙයකින් වෙච්ච පාඩුව කොච්චරද බලන්න. මිනිස්සු මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

:       1       104

RUWAN JAYAWARDANA Saturday, 11 May 2019 05:56 AM

මේ වගේ රියැදුරන්ට බලපත්‍ර දුන්නු නිලධාරීන්ට ගහන්න ඕනෑ..

:       2       108

RanjanSaturday, 11 May 2019 09:23 AM

නිළදාරිින්ට ගහල වැඩක් නැහැ අපේ රියදුරන්ට විනාඩියක් නැවතී ඉන්න බැරි තරම් මේ අයට කාලය වටිනවා අනික් දේවල් වලටත් ඒ වගේ තිබුනානම් අපේ රට මීට වැඩ උසස් තැනක.

:       0       0

isurandi Saturday, 11 May 2019 07:57 AM

ආරක්ෂක හේතුන් මත මේවා වීඩියෝ කිරීමෙන් වලකින ලෙස මහජනතාවට උපදෙස් දෙන්න. වෙනත් රටවල් මේවාට දැඩි නීති ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් වශයෙන් කටාර් රාජ්‍යය...

:       105       5

Lusena Saturday, 11 May 2019 08:07 AM

රුපියල් 25000 දඩය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න.

:       0       120

BasMudali Saturday, 11 May 2019 01:27 PM

සුක්කානම තියෙන තැන හොයාගත්තොත් නැවත හදලා පාරට දාන්න පුළුවන් තත්වෙක තියෙන්නේ..

:       0       0

appu Saturday, 11 May 2019 01:28 PM

බලාගෙන ඉන්නේ... හනිකට බාල්දිය අල්ලලා පුරවා ගනිල්ලා... අයියෝ මොන අපරාධයක්ද?

:       0       0

ගස්පෙ Saturday, 11 May 2019 02:50 PM

මට නම් ඔය දුම්රිය ගේට්ටුවල තියන ආලෝක සංඥා හෙන අවුල්... ඕකට හතරමං හන්දිවල තියනවා වගේ පාට තුනේ ලයිට් දාන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site