(දයාරත්න ඇඹෝගම)
පෞද්ගලික බස් රථ දෙකක් අද(21) පුත්තලම ඒ-12 මාර්ගයේ ගොවිපල ආසන්නයේදී ගැටීමෙන් බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රාජාංගනය පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ රාජාංගනය, සාලියවැව සහ තලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
තුවාල ලැබූ පිරිස අතර කාන්තාවෝ ද, කුඩා දරුවෙක් ද සිටිති.
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
තුවාලකරුවන් අනුරාධපුර සහ නොච්චියාගම යන රෝහල්වලට ඇතුළත් කර ඇත.
බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - ජයරන්ත වික්‍රමාරච්චි)



COMMENTS
වාහන දෙකේම වම් පැත්තට හානි වෙලා තියෙන්නේ මේ දෙන්නාම වැරදි පැත්තෙන් ගිහිල්ලාද ??
අපිටත් මේවගේ දෙයකට මුහුණ දෙනකම් මේවගේ අනතුරු බල බලා හුල්ලනවා. පාලකයෝ තවත් එක් අනතුරක් විදිහට පොත්පත් වල සටහන් කරනවා. එතනින් ඉවරයි.
රථයේ වේගය පාලනය කරගත නොහැකි නම් කෙසේ වැදගත් වෘත්තියකට බලපත්‍ර ගත්තේ කෙසේද?? අප දන්නා තරමින් මෙවන් වැරදි වලදී වෙනත් රටවල මොහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කර මොවුන්ව පුනරුප්තාපනය කරන අතර මොවුන් පිලිබදව මානසික වෛද්‍යවරයාගෙන් වාර්තාවක්ද ලබාගෙන සෑහෙන කාලයක් යනතුරු මොවුන්ව නිරීක්ෂණය කරන බවය. තවද කිසිදු විටක වාහනයක් පැදවීම මෙවන් පිරිස්වලට සපුරා තහනම්ය. අගතියට පත් කොටස්වලට රක්ෂණයන් මගින් ගෙවීම් කරන අතර රියදුරු බලපත්‍රය අනුමත කල උපදේශකගේද නමට ඍණ ලකුණක් එකතු වන්නේය. අවාසනාවකට අප රටේ මෙවන් කිසිවක් සිදු වෙනවාද යන්න ගැන සෙවීමත් විහිළුවකි.
අමුතු විදියේ හැප්පිලක්
ගිලන් රථයක් අනතුරට පත්වෙලා ටික කලකට පෙර වෛද්‍යවරියක් මිය ගියා ඔය පැත්තේ. එත් ඒ පළාතේ පොලිසිය වරදකාර ලොරි රථ රියැදුර නිදහස් කලා. පොලිසිය අල්ලස් ගත්තා කියල සමහරු කිව්වා.
බලන්නකෝ බස් වල හැටි . තුනී බෙලෙක් පතුරු වගේ , යාම්තම් හැප්පුනත් ඇති පැත්තක්ම කඩන් යනවා .
පළමු පින්තූරයේ බස් රථය පාර හරහා දැමීමේදී කෙලින් මාර්ගයේ පැමිණි දෙවන බස් රථය එහි ගැටී ඇති බවයි තේරෙන්නේ.