
(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂිත ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනයේ නිරතව සිටි ඉතිරි රැඳවියන් 13 දෙනා ද ආහාර ලබා ගැනීම හේතුවෙන් එම වර්ජනය අවසන් වූ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
මෙම විශේෂිත ගණයේ රැඳවියන් 45 දෙනෙකු ඉකුත් 10 වැනි දින උදෑසන සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආහාර වර්ජනයක නිරත වූ අතර එයින් කිහිපදෙනෙක් ඉකුත් දින කිහිපයේදී ආහාර ගැනීමට යමින් වර්ජනයෙන් ඉවත් වූහ. අද උදෑසන වනවිට වර්ජනයේ යෙදෙමින් සිටියේ13 දෙනෙකු පමණකි. ඔවුන් ද ආහාර ගැනීමට පැමිණීම හේතුවෙන් වර්ජනය අවසන්ව ඇත.
මෙම ආහාර වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය තත්වය පිරිහී ගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු වන ‘කංචිපානි ඉම්රාන්’ නැමැත්තා පෙරේදා බූස්ස නාවික හමුදා කදවුර රෝහලට ඇතුලත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය හිතාගෙන ඉන්නෙ කවුරු කියලද දන්නේ නෑ, කාලකන්නි.
කැඳ බිබී හිටපු අය ගිහින් තියන උඩ, අනේ නිකං යන්න කැඳවතුර ඉම්රාන්... පව් නොදී.
ඔය එක එක්කෙනා මැරෙන්න ඇරියා නම් ඉවරයි. ඔවුන් හින්දා කොච්චර තරුණ ළමයින්ගේ ජීවිත කාලකණ්ණි වුණාද? පවුල් කීයක් විනාශ වුණාද?
කවුද තැඹිලි වතුර බොන්න දුන්නේ?
අපරාදෙ නැවැත්තුවේ... තව සතියක් විතර ඔහොම්ම ඉඳලා මැරිලා ගියා නම් ඒක මේ මුලුරටටම කරන ලොකුම සෙතක්... කාලකන්නි.
මොකක්ද මේ විශේෂිත ගණය? මේ වගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සහ සංවිධානාත්මක මිනීමරුවන් එකට එක තැන තියන්න කියලා විශේෂිත අණක් දුන්නු බලධාරියා කවුද? කන්ජිපානි ඉම්රාන් උපවාස කලේ එක දවසයි. එක දවසින් ඉස්පිරිතාලේ. කොහොමද ඒක? විමල් උපවාස කළාම ඉස්පිරිතාලේ ගෙනිච්චේ දවස් 9කට පස්සේ. මේ අය එකදවසෙන් ඉස්පිරිතාලේ. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? සංවිධානාත්මක මිනීමරුවන් හිරගෙදර උපවාසයක් සංවිධානය කලේ කොහොමද? විශේෂිත ගණයේ කියලා හඳුන්වන මේ සියලු සංවිධානාත්මක මිනීමරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුනොවුන් හා සන්නිවේදනය කරන්න බැරි විදිහට වෙන වෙනම සිර කඳවුරුවල දැමිය යුතුයි කියන සාමාන්‍ය දැනීම බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නැත්ද? නැත්නම් අදිසි හස්තයක් මේ ගොල්ලන්ට සැප දෙන්න බූස්සට යවන්න කිව්වාද? පැහැදිලිවම මොවුන් පෝෂණය කරන දේශපාලකයෙක් ඉන්නවා.
කතාව නම් රටටම ගහන්න. දවස් 2ක් නොකා ඉන්න බෑ. ඔන්න මහලොකු චණ්ඩින්ගේ හැටි. සද්දෙ තියන හැම දේකම අැතුල හිස්...
අයියෝ, මොකද IRC වීරයන්ට වුණේ? ආරක්ෂක ලේකම්තුමා කිරිගහට ඇන්නා වගේ කිව්වනේ ඕක වෙයි කියලා බඩගිනි වෙනකොට..
පිනට දෙන දේ කන්නත් රටේ නැති දේවල්...
කැඳයාට ලෙඩක් තියෙනවා කියලා ඊසීජී එකෙන් සනාථ වුණෙ නැහැ. අසනීපයි කියලා එතනත් බොරුව. දැන් දැනගන්න අවශ්‍ය උපවාසෙ අත්හැරියේ මොනමොන ඉල්ලීම් දිනලද? නැත්නම් බඩගින්නෙ ඉන්න බැරුවද කියලා...
අපරාදේ එකෙක්, දෙන්නෙක් යවන්න තිබ්බ චාන්ස් එක...
බඩගිනි වුනාම රජ ගෙදර බලලා අර මොනාද කෑවලු.