(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අසූවීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කතානායකමහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් ඇමැති ධුරයේ මුලින්ම දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සිදු වූයේ ඉන් අනතුරුවය .