(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා රටට බරක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ නොකළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මුදල් ඇමතිවරයා තම ප්‍රකාශයෙන් අදහස් කළේ දේශපාලනඥයන් විසින් රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය ලෙස සේවකයන් පුරවා තිබීම නිසා අර්බුදයකට මුහුණ පා තිබෙන බව යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
සෑම ආණ්ඩුවක්ම අවිධිමත් දේශපාලන තීන්දු ගෙන මනාප ලබාගැනීම වෙනුවෙන් ඉවක් බවක් නැතිව රාජ්‍ය ආයතන පුරවා ඇතැයි කී ඇමතිවරයා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිවරයාගෙන් ඇමතිවරයාට රාජ්‍ය ආයතන පුරවාගැනීම දේශපාලන සංස්කෘතියේ මජර ගතියක් බව ද කීවේය.
ඒ නිසා රාජ්‍ය ආයතන අර්බුදයකට මුහුණ පා ඇතැයි කී අලහප්පෙරුම මහතා කෝප් වාර්තා අනුවත් එය තහවුරු වන බව පැවසීය.
මුදල් ඇමතිවරයා කීවේ ඒ බර ගැන මිස රාජ්‍ය සේවය උහුලාගන්න බැරි බවක් නොවේ යැයි ද ඇමතිවරයා කීය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය මෙවර අයවැයෙන් විසඳූ බව කී අලහප්පෙරුම මහතා සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට කැමැත්තක් තිබුණත් ආර්ථික අපහසුතා නිසා එසේ කිරීමට නොහැකි වූ බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද චින්තනේ 1 සහ 2 බේගල් වට්ටෝරු දෙකක්ම ලියලා දීලා රටම ගොනාට ඇන්දුවා. ඔය ඉන්න කිසිම දේශපාලුවෙක්වත් අපිට විශ්වාස නැහැ. රැවටිලිකාරයින් මිසක්?
මොකක්? කන් ඇහෙන්නේ නැත්තේ කාටද?
ඔයිට වැඩිය හොඳ නැද්ද මැදමුලනේ සට්ටෙම්බි වැඩේ කළා නම්...
"මුදල් ඇමතිවරයා තම ප්‍රකාශයෙන් අදහස් කළේ දේශපාලනඥයන් විසින් රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය ලෙස සේවකයන් පුරවා තිබීම නිසා අර්බුදයකට මුහුණ පා තිබෙන බව යැයි ද ඇමතිවරයා සඳහන් කළේය." බරක් යනු දරාගැනීමට අපහසු බව හා එය අර්බුදකාරී හෝ අර්බුදයකට මුහුණ පා තිබේ‘‘ යනුවෙන්ද කියාපෑ හැකියි.
අනේ අපි නොදන්න සිංහල...
රජයේ ආයතන වල කාර්යක්ෂමතාවය ඉතා අඩුයි. අඩුම තරමේ පැය 8වත් හරියට වැඩක් කරන්නේ නැහැ...
මොනවා කිව්වත් රාජ්‍ය සේවය රටට බරක්... ඒ බර වැඩි කළේ තමුන්නාන්සේලාගේ ආණුඩුව තමයි. නිකන් බලන්නකෝ සර් ආපු ගමන් කී දෙනෙක් රජයේ සේවයට බඳවා ගත්තාද? එයාලට කරන්න තියෙන වැඩ මොනවද කියලා...?
කමකට නැති තවත් ඇමරිකානුවෙක්. බැසිල් කවුරු වුණත් ඒ කියපු දේ ඇත්ත. අපට ඇසුණා. රාජ්‍ය සේවය බරක් පමණක් නොව බොහෝ සේවකයින්ට රාජ ඌෂ්ණය වැඩියි. කතාකරන්නවත් බෑ. සෞඛ්‍ය අධ්‍යාපනය, ආරක්ෂක සේවා, නීතිය හැරුණු කොට අන් සේවා බරපතල බරක් තමයි.
කතාවේදී තේරුණා හරියට සිංහල බැහැ කියලා දැන්.. මාවී භාෂාව දැන් ඉංග්‍රීසිනේ... හානේ..! මට මතක නැති වුණානේ දිවේ ඇට නැති විත්තිය...
බැසිල් ඇමතිතුමා කියන කතාව සහතික ඇත්ත.
ඔහු මේ හදන්නේ දැනටමත් රැවටිලා ඉන්න රජයේ සේවකයන් නැවතත් ගොනාට අන්දන්නද? මුන්ට රුපියල් 10000/- ක පඩි වැඩිවීමක් දුන්නොත් මිසක් දැන් මොකුත් කරන්න බෑ. දැන් පරක්කු වැඩියි.
මෙයත් කොමිසට ගොට්ට අල්ලන්ඩ පටන්ගෙන. කං වාට්ටුවට ගිහිල්ල කං බලාගත්ත නං හොදයි.
ඔයත් ඔය ආණ්‌ඩුව සමග ඔය වැරැද්ද කලා නේද
බැසිල් කියපු දේ ඔයාට තේරුනානම් ඔයත් අගහරු ලෝකෙන් වගේ ආපු කෙනෙක්. අනේ මේ සිංහලේ ඉන්න අපිට එයා කියපු මොකක්වත් තේරුනේ නෑනේ....
මේ රජයේ මැති ඇමතිවරු දිවවල් කියකින්ද කතා කරන්නේ.
එතුමා කිව්වේ එතුමා රටට බරක් කියලා.
රජයේ සේවකයන් රටට බරක් . බැසිල් සර්ලා රටට වාසනාවක්
කවුරු කිව්වත් නැතත් රාජ්‍ය සේවය කියන්නේ රටට බරක්.