(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බාර දුන් මුදල් ඇමති ධුරයට අදාළ මුදල් අමාත්‍යාංශයේ විෂය පථයට ආයතන 52 ක් ඇතුළත් කරනු ලැබ ඇත.
එම අමාත්‍යාංශයට අදාළ විෂය පථය ගැසට් නිවේදනයක් මගින් පෙරේදා (7) ප්‍රකාශයට පත් කෙරිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.
ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට එම අමාත්‍යාංශයට අයත්වන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ආයතන පහත පරිදි වේ.
01. භාණ්ඩාගාර කටයුතු
* මහා භාණ්ඩාගාරය
* රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
* ජාතික අයවැය දෙපාර්තමේන්තුව
* කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
* විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
* රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
* භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
* රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
* වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
* තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
* නීති කටයුතු දෙපාර්තමේන්තුව
* කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
* සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව
02. රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු
* දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
* ශ්‍රී ලංකා රේගුව
* සුරාබදු දෙපාර්තමේන්තුව
* ජාතික ලොතරැයි මණ්ඩලය
* ජාතික ලොතරැයි මණ්ඩලය
* සංවර්ධන ලොතරැයි මණ්ඩලය
* ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
03. බැංකු මුල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු
* ශ්‍රී ලංකා මහබැංකුව
* සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් රක්ෂිත මණ්ඩලය
* ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
* ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්
* ණය තොරතුරු කාර්යාංශය
* සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
* ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම
* ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව
04. අරමුදල් ප්‍රතිපාදන
* ලෝහෝර් ආර්යා අරමුදල
* වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තාවදය පිළිබඳ අරමුදල
* ජාතික රක්ෂණ භාර අරමුදල
* සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල
* ශ්‍රම වාසනා අරමුදල
* ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
* වකුගඩු අරමුදල
* තේ ශක්ති අරමුදල
* කප්රුක අරමුදල
* රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල
* බුද්ධ ශාසන අරමුදල
* බෞද්ධ පුනරුද අරමුදල
* සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
* දේශීය ණය සහ සංවර්ධන අරමුදල
* නිමැයුම්කරුවන්ගේ අරමුදල
* තුරුසවිය අරමුදල
* මධ්‍යම සංස්කෘතික අරමුදල
05. ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන
* විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
* වනජීවි භාරය
* ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය
* අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
* මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය
* සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස්
* දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල
COMMENTS
සියලුම ආදායම් ලබන ආයතන බැසිල් යටතට කිව්වා නම් හරි...
ඉතුරු ටික අනිත් දෙන්නට. ඉඳුල් ටික ඉතුරු අයට. 69 ලක්ෂයක අභිප්‍රායනේ ඉතින්...
මම නම් කියන්නේ ආයතන කොපමණ තිබුණත් කමක් නැහැ. වංචා දූෂණ කිසිවක් නැතිව හරියට වැඩේ කෙරෙනවනම්.
ශ්රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික ඉතිහාසයේ, ඒ වගේම නිදහස යන සත්වයාට වඩාත්ම අවශ්‍යම මානව අයිතිවාසිකමේත්... මෙතෙක් කිසිම දිනක අත්නොවිඳි අඳුරුම, අවාසනාවන්තම, අභාග්‍යමත්ම, මර්දනකාරී යුගයේ ආරම්භය අද දින සිට පටන්ගත් බව මම මේ කෙටි සටහනින් මෙසේ ලියා තබන්නම්. මිනිසුනේ.. ඔබ විසින්ම ඔබේ ගෙලට තොණ්ඩුව දමාගත්තේ ඇයි...?
අරමුදල්ම 17ක්, බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
එක මවකගෙ දරු කැල බැවිනා.... යමු යමු වී නොපමා..... යනුවෙන් අපේ ජාතික ගීයේ සඳහන් ගී අණු ඛණ්ඩය ඇසෙනවිට අපේ සිත්වල මෙතක් උපන්නේ එක අම්මගේ දරුවන් වගේ රටේ අපි පමා නොවී ඉදිරියටම පියවර තබමු යනුවෙනි. එහෙත් අද වනවිට එයට වෙනස් වූ සිතුවිල්ලක් අපේ සිත් තුළට ඇතුල් වන්නේ එක අම්මගේ දරුවන් 04 දෙනෙක් අපේ රටේ ජාතික වගකීම ඉටුකරන්නට ඉදිරිපත් වී ඇති යුගයක් වීමයි. ආනන්ද සමරකෝන් සූරීන් එදා මෙම පද වැල් ලියනවිට එක අම්මාගේ දරුවන් 04 දෙනෙක්ම එක්වර මේ රට පාලනය කරයි කියා සිතන්නට නැතිව ඇති. චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. යන පුත් රුවන් මෙළොවට බිහිකල ඒ උත්තරීතර මව්තුමිය කෙතරම් වාසනාවන්තද? මේ වාසනාවන්ත උරුමය මේ රටේ කිසිදු දේශපාලන පවුලකට මෙතෙක් උරුම කරගැනීමට නොහැකිවිය. ඒ වාසනාවන්ත උරුමයේ ප්‍රතිඵලයත් මේ රටේ ජනතාවට අත්පත් කරදීම සිව් පුතුන්ගේ වගකීම වන හෙයින් දේශපාලන ඇසකින් තොරව අපි ඒ දෙස බලා සිටිමු...
සංවර්ධනයේ සෙන්පතියාණෙනි, ඔබටයි මේ සුභාශිංසන. සමස්ථ අධිකරණ නිලධාරින් වෙනුවෙන්....
විදේශවල සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයිනේ. ඔබේ මුදල් නීත්‍යානුකූල ලෙස මේ රටට එවීමෙන් වළකින්න. හැකි පමණ උන්ඩියල් ක්‍රමයට එවීමෙන් ඔබේ ලාභය වැඩිකර ගන්න. බැංකුවල විශාල ලෙස මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න. කොයි මොහොතක හෝ මුළු බැංකු පද්ධතියම කඩාවැටෙන එක වළක්වන්න අමාරුයි.
බැසිල් රට සුරපුරයක් කරනවා නියතයි.
මරු ඈ... එහෙනම්..!!!
මෙච්චර මීහරක් ඉන්න රටක් මම නම් දැකලා නැහැ.
අරමුදල් බාර දුන්නොතින් ඉතින් ආයේ සුපිරිම තමයි...!!!
කලින් කරපු පව් හෝදගෙන ගොඩයන්න මෙයිටත් වඩා අවස්ථාවක් එන්නේ නෑ බැසිල්. බෑ කියලා බෑ, මේ පාරනම් කොහොමහරි සිල් ගන්නම ඕනේ බැසිල්..
වරදවා වටහා ගන්න එපා. මේකට සම්බන්ධයක් නැහැ. මට මතක් වුණා. කාටද මන්දා කුකුල් කොටුවක් බාර දීපු සිද්ධියක්...
2015 නාගත්තා වගේ නැවත නාගන්න වගේ හදන්නේ...
අම්මේ බැසිල් මල්ලිට තියෙන ආධාරය, ලොකු අයියගේ සෙල්ලම් බඩු ටික පොඩි මල්ලිට.., අයියලාගේ ගෙදර වගේ දැන් රට කියන්නේ...
එයාලා දක්ෂ කොහෙන් හෝ ලැබෙන මුදල් වලින් වැඩ කිරීමට සහ කොටසක් යටිමඩි ගසා ගැනීමට... තුන් බෑ ජටිලයෝ...
අනාගත ජනාධිපතිතුමාට ජයවේවා...!!!
රජයේ ආයතන 270 න් 156ක්ම එක පවුලකට. ආර්ථිකය සහ පරිපාලන අංශයන්ගෙන් 57%ක්ම එක පවුලක් සතුයි. බලමු රට හදන හැටි...!
අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති ලෝකයේ එකම තනතුර ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිකමද? දූෂණ වෝදනා තිබීම, වලව්වක උපත ලැබීම, අයිතිකරුවෙක් නොමැති නිවසක හිමිකරුවෙක් වීම, රජයක් මාරුවෙන කොට වෙන රටකට පලායාම, 10% ක කොමිස් ලබන්නෙක් වශයෙන් රටවැසියාගේ හැඳින්වීම... පරම්පරාවම ජනාධිපති, අගමැති, සහ ඇමතිවරු වීම... මේ වගේ සුදුසුකම් හොඳටම සෑහේද?
මේ දක්වාම කරපු හැම දෙයක්ම නැති වුණා.. අනාගතයක් නෑ. අවිනිශ්චිතයි. කොයි මොහොතේ විනාශයක් වෙයිද දන්නේ නෑ කියලා හිතෙන්නේ මට විතරද?
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වා දැන් 51 ක් කරනනේ කොහාමද
වටිනා කියන ඔක්කෝම ටික දීලා තියෙනවා එකක්වත් මග හැරිලා නෑ.
මේ ක්‍රම හින්දා තමයි රට වලපල්ලට යන්නේ... එක මිනිහෙක් කොහොමද ආයතන 51ක වැඩ කටයුතු කරන්නේ... මේ විදිහට නාමමාත්‍රිකව තමන්ගේ හෙන්චයියන්ට රස්සා දෙන එක තමයි මේකෙන් වෙන්නේ. තවත් රටට බරක් වියදමක්. මහින්ද මහත්තයාගේ පළමු අවුරුදු පහේ අඩුම ගානේ යුද්ධය හරි ඉවර වුණා කියමුකෝ. දෙවන ජනාධිපති කාලසීමාවේදී කොමිස් වලින් ආදායමක් නැති පුහු ව්‍යාපෘතිවලින් රට බංකොලොත් වෙන්න පාර කැපුවා. එතකොට බැසිල් තමයි ආර්ථිකය පාලනය කළේ පී.බී. ජයසුන්දර සමග දැන් ඊටත් වඩා රටට කෙළවෙන එක වෙන්නේ...!!!
ඔයතරම් විශාල ආයතන ගණනාවක් පාලනය කරන්න සුදුසු පුද්ගලයින් සොයාගන්න එකනම් ලේසි වෙන්නේ නෑ. ඔය ළඟ ඉන්න, වටේ ඉන්න බොහෝ දෙනා නිකන් පප්පලා විතරයි. මවලා පෙන්වනවා... වැඩේ කරන්නේ නැහැ. හැම තැනකම දැන් වෙන්නේ ඒකයි.
කතාවක් තියෙනවා " දෙවියන්ට යමෙක්ව විනාශ කරන්න ඕනෑ වූවිට ඔහුව පිස්සු වට්ටනවා.." කියලා. අද රාජපක්ෂ හොර රැලටම පිස්සු හැදිලා තියෙන්නේ. " ඉතිරි වැඩ ටිකත් " තව ටිකදවසකින් සිදුවේවි. එය ස්වභාවිකව සිදුවේවිද? නැතිනම් රටේ මහජනතාවගේ අතින් සිදුවේවිද කියලා අපි බලාගෙන ඉඳිමු.
වැඩිහිටියෝ .. වතුපිටි, කුඹුරු අවුරුදු 99ක් බදු දීලා දරුවන්ට යමක් ඉතුරු කළේ නැතිනම්. මොනවා වෙයිද? අපේ රටේ අනාගත දරු පරපුරට දෙවියන්ගේම පිහිටයි.