( ට්‍රික්සි කොන්ස්ටන් සහ චන්දන ප‍්‍රනාන්දු )
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක් නාත්තන්ඩිය වලහාපිටිය ප‍්‍රදේශයේදි අද (29) සවස හැමිල්ටන් ඇළට පෙරළි බස් රථයේ ගමන්ගත් තිදෙනෙක් මිය ගොස් 20 ක් පමණ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුල් කල බව මාරවිල පොලිසිය පවසයි .
අද (29) සවස 3 . 30 ට පමණ මෙම අනතුර වි ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේදි බස් රථයේ මගින් 30 ත් 40 ත් අතර ප‍්‍රමාණයක් සිට ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කියයි .
මියගිය පිරිස හා තුවාල ලැබු පිරිස මීට වඩා වැඩිවිය හැකි බවත් ගලවා ගැනිමේ මෙහෙයුමේ යෙදි සිටින නිළධාරියෙක් පැවසීය.
.
මියගිය හෝ තුවාල ලැබු පුද්ගලයන් ඇළට පෙරැලී ඇති බස් රථයට යට වි සිටිනවාද යන්න සොයා බැලිමට මෙහෙයුම සිදු කරමින් තිබෙන බව පොලිසිය කීය.
බස් රථයේ අධික වේගය නිසා රියදුරාට බස් රථය පාලනය කරගත නොහැකිව මෙලෙස බස් රථය ඇලට පෙරළි ඇති බවට මූලික පරික්ෂණ වලදි හෙළි වු බව පොලිසිය කියයි.


( ඡායාරූප හිරාන් ප්‍රියංකර )



2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බසය ඇළට පෙරැළී තිදෙනෙක් මරුට - 20කට තුවාල
Pablo Thursday, 29 November 2018 01:22 PM
යන තැනක පරිස්සමෙන් යන්න ...අපරාදේ ජීවිත ..