(ඉන්දිකා රාමනායක)
බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 28 දෙනකුට වාහම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන කියයි.
බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටුයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේනා මහතා පොලිස් මුලස්ථානයට මාරුකර ඇති අතර ඒ මහතාගෙන් පුරප්පාඩු වූ එම ධුරයට නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරි ආර්. එම්. පී. එන්. රත්නායක මහතා පත්කර ඇත.
සෙසු ස්ථාන මාරුවීම් 27 පොලිස් ස්ථානාධිපතිවරුන් සඳහාය.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිව පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මුලස්ථාව වැඩිදුරටත් පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd