
(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් මෙම මස 25 වැනිදා සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 1 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බැවින් අපේක්‍ෂකයන් වෙනුවෙන් පාසල් ආරම්භ කළ යුතු බව කී ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව 25 වැනි සඳුදා සිට ඔවුන්ට පාසල් ආරම්භ කරන බව සඳහන් කළේය.
විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගයට සූදානම්වීමේ අවස්ථාව දිය යුතු බවත් එම විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ අවසන්වීමට පෙර නිකුත් කරන බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම සිසුන්ට උසස් පෙළ පන්ති ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කී ඇමතිවරයා වෙනත් වසරවල සැප්තැම්බර් මාසයේ ආරම්භ වන උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කිරීම ආරම්භ කිරීම විශාල ඉදිරි පිම්මක් බවත් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල මාර්තු අවසානයේ හෝ අප්‍රේල් මුල නිකුත් කර ඔවුන්ද කඩිනමින් විශ්ව විද්‍යාලවලට ඇතුළු කරගැනීමේ වැඩපිළිවෙලක් අරඹන බවත් කියා සිටියේය.
එමෙන්ම බස්නාහිර පළාත හා හුදෙකලා පොලිස් වසම්වල හැර අන් සියලු පාසල්වල ප්‍රාථමික පන්ති හා පෙර පාසලුත් ජනවාරි 11 වැනිදා යළි ආරම්භ වන බව ඇමතිවරයා සඳහන් කළේය.
ජනවාරි 11 වැනිදා සිට ආරම්භ වන්නේ නව වසරේ පළමු වාරය බව කී ජී.එල් පීරිස් මහතා දරුවන් අලුත් පන්තිවලට ඇතුළත් කළත් ගිය වසරේ ආවරණය නොවූ විෂය නිර්දේශ කොටස් පළමු වාරයේදී සම්පූර්ණ කරන බව ද කීවේය.
පාසල්වලට නව පෙළපොත් ලබාදීම මේ වන විට සිදුකෙරෙමින් ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මගින් ද ඕනෑම පෙළපොතක් ලබාගත හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
424
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් 25 සිට ඇරේ