IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බූස්ටරයෙන් සති 10 කට පසු සිවුවැනි එන්නත දෙනවා

'කොවිඩ් 19‘ බූස්ටර් එන්නත ලබා දී ඇති බ්‍රිතාන්‍ය වැසියන්ට, සති 10 කට පසු, සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම කළ යුතු යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් එරට රජයට උපදෙස් දී ඇතැයි ‘ඩේලිමේල්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය වැසියන්ට බූස්ටර් එන්නත් ලබා දීම සිදුවූයේ ‘ඔමික්‍රෝන්‘ විකෘතිය බිහිවීමටත්, එය එරට සමාජ ගතවීමටත් පෙරය.

කෙසේ නමුත් අද වනවිට ‘ඔමික්‍රෝන්‘ විකෘතිය ඉතාමත් වේගයෙන් බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙන්නේ එසේ බූස්ටර් එන්නත් බොහෝ දෙනකුට ලබා දී තිබියදීය. පළමු ‘ඔමික්‍රෝන්‘ මරණය වාර්තා වූයේ ද බ්‍රිතාන්‍යයෙනි.

බ්‍රිතාන්‍ය වැසියන්ට බූස්ටර් එසේත් නැතිනම් තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ලබා දී ඇත්තේ ‘ෆයිසර්‘ හෝ ‘මෙඩර්නා‘ යන එන්නත්ය. 

බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇති අන්දමට සති 10 ක් ගත වෙද්දී, බූස්ටර් එන්නත ලෙස ලබා දුන් ‘ෆයිසර්‘ එන්නත ‘ඔමික්‍රෝන්‘ විකෘතිය හමුවේ සියයට 35 කින් ද, ‘මොඩර්නා‘ බූස්ටර් එන්නත සියයට 45 කින් ද අඩු වන බවය.

මේ අතර, ‘ඔමික්‍රෝන්‘ විකෘතිය ​‘ඩෙල්ටා‘ වැනි සෙසු කොවිඩ් විකෘති මෙන් බිහිසුණු නැතැයි ලෝක සෞඛ්‍ය අවධාරණය කර තිබියදී, සිවුවැනි එන්නතක් ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් අතරේ අප්‍රසාදයක් ගොඩ නැගී ඇතැයි ද ​ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

(​ඩේලිමේල්)



අදහස් (3)

බූස්ටරයෙන් සති 10 කට පසු සිවුවැනි එන්නත දෙනවා

අගුපිලගේ Friday, 24 December 2021 05:36 PM

දැන් දැන් මේවා දකිනකොට, එන්නත් ගන්න කියනකොට කාඩ්පත අනිවාර්ය කරනකොට හිතෙන්නෙම කොරෝනා කියන්නේ බෙහෙත් මාෆියාවක් කියලාමයි...

:       0       10

hesaSaturday, 25 December 2021 09:56 PM

2019 අවසාන කාලයේ, "කොරෝනා "නාමය හෙමින් හෙමින් ලෝකයේ කතාබහට ලක් වෙන්න පටන් ගත්තා.. හරියටම වසර 2ක් ගත වී, අද මේ අගුපිලගේ සහ Sriland ඉදිරිපත් කළ මතය ගැන සතුටුයි. එදා ඒ වනවිටත් යුරෝපයේ රටවල් මෙය (ඔබ අද කියන සේ කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්, මේක ජාත්‍යන්තර ගේමක්ය, බෙහෙත් ජාවාරමක්ය, බෙහෙත් මාෆියාවක්) වෙනස් අකාරයෙන් කතා කළා. අද ඊට විරුද්ධව සති අන්තයේදී ජනතාව (සතියේ දිනයන් රැකියා, පාසල් ගමනා ගමනයට බාධා නොවන සේ ) උදඝෝෂණය කරනවා..

:       1       1

Sriland Saturday, 25 December 2021 01:52 PM

ඕනේ ගොනෙකුට තේරෙනවා මුන් කරන්නේ බෙහෙත් විකුණා ගන්න කරන කෘර උපක්‍රමයක් කොරෝනා කියන්නේ.කඩා වැටුණු බලවත් රටවල් ඔක්කොම ගොඩ ගියේ කොරෝනා වලට වැක්සින් හදලා.දැන් අපිට ණයත් දෙනවා.කොහොමද සුද්දාගේ මොලේ.අපි එදත් රැවටුනා අදත් කොමිස් වලට රැවටෙනවා.කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ,මේක ජාත්‍යන්තර ගේමක්.බෙහෙත් ජාවාරමක්

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site