
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බාල වයස්කාර දැරියන් තිදෙනාට බරපතළ ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සාමාජිකයෙකු යයි කියාගන්නා පුද්ගලයෙක් අද ( 8 ) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
වයස අවුරුදු 6, 9 හා 12 පසුවන දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත .
සැකකාර හමුදා සාමාජික සැමියා සමඟ අමනාපව බිරිඳ දරු තිදෙනා සමඟ මහියංගනයේ මහගෙදර නිවසට මීට මාස කීපයකට පෙර ගොස් සිටියදී එම දැරියන් හොඳින් බලාගන්නා බව මයියංගනය පොලීසියට පවසා සැකකරු දැරියන් වැලිපැන්නෙ මීගම ප්‍රදේශයේ නිවස වෙත රැගෙනවිත් තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.