
(ඩබ්ලිවි.ඒ.සිරිසේන)
සතුන් විසින් සපා කමින් තිබු නොමෙිරූ බිළිඳු මළ සිරුරක් රක්වාන පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක පාසල අසල ඉදිරිපිට මාර්ගයේ තිබියදි ඊයේ (11) උදෑසන සොයාගත් බව පොතුපිටිය පොලිසිය කියයි.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සිදුකළ දැනුම් දිම අනුව මාර්ගයේ දමා ගොස් තිබු බිළිඳු මළ සිරුර හමුවු බවත් එ වන විටත් සුනඛයන් විසින් ශරීරයේ සමහර කොටස් සපා කා ඇති බවද පොලිසිය පැවසිය.
රත්තපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා එදින සවස අදාළ ප්‍රදේශයට පැමිණ මළ සිරුර පරික්ෂා කළ බවත් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා දේහය රත්නපුර මහ රෝහලේ අධිකරණ වෙෙද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළ බවද පොලිසිය පැවසිය.
රත්නපුර ශික්ෂණ රෝහලේදි මරණ පරික්ෂණ කටයුතු අද (12) කිරිමට නියමිත බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd