(නිමල කොඩිතුවක්කු)
බලයට පමණක් කෑදර නොවී කලාව සහ සංස්කෘතිය සම්බන්ධයෙන් රජය අවධානය යොමුකළ යුතුව ඇතැයි සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා පැවැසීය.
ඒ මගින් යහපත් රටක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වන බවද ඔහු සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනනාත් වරකාගොඩ මහතා මෙසේද කීය.
‘‘සංස්කෘතිය, සභ්‍යත්වය, අධ්‍යාත්මික ගුණවගාව සම්බන්ධයෙන් ළමයෙකුගේ කුඩා අවධියේ සිට අවධානය යොමුකළ යුතුයි. පෙර පාසල් ඉලක්ක කරගනිමින් ඒ සඳහා නිවැරදි වැඩපිළිවළක් සකස් කළ යුතුයි.
පෙරපාසල් වලින් සියයට අනූවක් පමණ දරුවන්ට ලබාදෙන්නේ විදේශීය සංස්කෘතියයි. මේ තත්වය වෙනස්කර අධ්‍යාත්මික ගුණවගාව පෙරපාසල් මට්ටමින් ආරම්භකළොත් දරුවන් සහ රට ගොඩනගන එක අමාරු දෙයක් නෙමෙයි.
අද අපේ රටට නොගැලපෙන ගීත නිර්මාණ ඕන තරම් තියෙනවා. මේවා පිලිබඳ රජය අවධානය යොමු කළ යුතුයි. එම නිර්මාණ සමාජයෙන් අතුගා දැමීමට රජය මැදිහත් විය යුතුයි. සමාජ මාධ්‍යය සම්බන්ධයෙනුත් එවැනි ක‍්‍රියාමාර්ග ගත යුතුයි’’ යැයිද ඔහු එහිදි පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
210
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
968
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘බලයට කෑදර නොවී කලාවට - සංස්කෘතියට අවධානය යොමුකළ යුතුයි‘‘